ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ දැවැන්ත පරිවර්තනයකට ආධාර චීනයෙන් – Saru News Media | Sri Lanka Business News

0
16

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමට අදාළව ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාවක් අනුව ඒ සඳහා ආධාර ලබා දීමට චීන රජය විසින් එකඟතාව පළ කර ඇත. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව ශක්‍යතා අධ්‍යයනයක් ද මේ වන විට සිදු කරනු ලැබ තිබේ.

යෝජිත ව්‍යාපෘතිය මඟින් පාසල් සඳහා සම්ප්‍රේෂණ සුහුරු පුවරු සහිත පන්ති කාමර (Delivering Class Room), ප්‍රතිග්‍රාහක සුහුරු පුවරු සහිත පන්ති කාමර (Receiving Class Room) සහ එම කටයුතු මෙහෙයවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ජාල මෙහෙයුම් ඒකකයක් (Data Center), චිත්‍රාගාරයක් (Studio Room), සම්මන්ත්‍රණ කාමරයක් (Conference Room) ලබා දීමට අපේක්ෂිතය.

මිශ්‍ර ඉගෙනුම් ක්‍රමවේදය විධිමත්ව සිදු කිරීම, සම්පත් බෙදා ගැනීම, විශේෂ කුසලතා ඇති ගුරු භවතුන්ගේ දැනුම අවශ්‍ය අවස්ථාවන්හිදී සිසුන්ට ලබා දීම, ගුරු භවතුන් හිඟ අවස්ථාවන්හිදී ඇති වන ගැටලුකාරී තත්ත්ව මග හරවා ගැනීම හා යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පහසුකම් සැලසීම යන කාර්යයන් ඵලදායීව හා කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා එකී උපාංග මඟින් සහාය ලබා ගැනීමට හැකි වනු ඇත.

ඒ අනුව, අදාළ ශක්‍යතා අධ්‍යයන වාර්තාව මත පදනම්ව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here