සංගීතඥ ප්‍රේමදාස මුදුන්කොටුව දිවි සැරිය නිම කරයි

0
7

 දේශීය සංගීත කලාවේ පුරෝගාමී සංගීතඥයෙකු මෙන්ම හොරණ “එරන්දතී” කලායතනයේ නිර්මාතෘවරයා ද වූ ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව

මහතා ඊයේ (29) අභාවප්‍රාප්ත විය.

ප්‍රවීණ ගායන ශිල්පී සමිතා මුදුන්කොටුව ගේ පියා වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා අභාවප්‍රාප්ත වන විට 91 හැවිරිදි වියේ පසුවිය.

මුදුන්කොටුව මහතා සංගීත උපදේශවරයෙක් සහ කථිකාචාර්යවරයෙක් ද ප්‍රසිද්ධියක් ඉසිලීය.

ඒ මහතා 1933 වසරේ ඔක්තෝබර් මස 6 වැනිදා අවිස්සාවේල්ල, කොස්ගම ප්‍රදේශයේදී උපත ලැබීය.

ඒ මහතාගේ නිසල දේහය මහජන ගෞරවය දැක්වීම වෙනුවෙන් බොරැල්ල පිහිටි ජයරත්න Respect Home තැන්පත් කර ඇති අතර සවස 4.30ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත ය.

ඩෝල්ටන් අල්විසුන් ලියා මුදුන්කොටුව සූරීන්ම සංගීතවත් කොට කුමාරි බෝතොට සමග ගැයූ “මට නොකිව්ව ලස්සන ගීතේ………….” ගීතය අදටත් බොහෝ දෙනෙක් ප්‍රියකරන ජනාදර ගීතයකි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here