සම්බා සහල් වැඩි මිලට විකුණා සමුපකාරය වරද පිලිගනී.. ලක්ෂ පහක් දඩ කයි..

0
13

කිරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කිරිමේ චෝදනාව යටතේ නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය විසින් ගිනිගත්හේන විවිධ සේවා සමුපකාර සමිතියට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබු නඩුවකදි වරද පිලිගත් එම සමිතියේ කොප් සිටි සුපිරි වෙලදසැලේ කලමණාකාරවරයාට රු ලක්ෂ පහක දඩ මුදලක් ගෙවන ලෙසට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා (03) දින නියෝග කලේය.

කිරි සම්බා සහල් රජයේ අනුමත මිලට වඩා රු 100 ක් වැඩි කර එම සමිතියේ කොප් සිටි සුපිරි වෙලදසැලින් අලෙවි කරන බවට පාරිභෝගිකයන්ගෙන් ලද පැමිණිලි කිහිපයක් මත වැටලිමක් සිදු කර එම සමිතියේ කලමණාකාරවරයාට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගත් බවයි නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ ස්ථානාභාර නිලධාරින් අමිල රත්නායක මහතා කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here