සාමණේර හිමිවරුන් ලිංගික අපයෝජනයට ලක්කල හිමිවරු දෙනමක් අත්අඩංගුවට

0
12

ඇලයාපත්තුව පොලිස් වසමේ බුලංකුලම ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි වයස අවුරුදු 10ක සහ 13ක සාමණේර හිමිවරුන් දෙනමකට බරපතල

ලිංගික අපයෝජනයක් සිදු කල හිමිවරුන් දෙනමක් ඊයේ (4දා) අත්අඩංගුවට ගත් බව ඇලයාපත්තුව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 23ක සහ 24 වියේ පසුවන හිමිවරුන් දෙනමකි.

හදිසි ඇමතුම් ඒකකයට (119) ලද පැමිණිල්ලකට අනුව මෙම විහාරස්ථානයට ගොස් සිදු කල විමර්ශනයකදී, පිරිවෙන් අධ්‍යාපනය ලබන 13 හැවිරිදි සාමණේර  හිමිනමක් සහ 10 වන වියේ පසුවන පසු වන සාමණේර හිමි නමක්, මෙලෙස අපයෝජනයට ලක්ව ඇති බව අනාවරණය කරගත් බව පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිමිවරුන් දෙනාම අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.

ඇලයාපත්තුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් බණ්ඩාර ගේ උපදෙස් මත නිලධාරීහු පිරිසක් මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කරති.

(ada.lk -අනුරාධපුර චතුරංග)

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here