සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂයින්ට පණිවිඩයක් – Saru News Media උණුසුම් පුවත්

0
6

ලබන 6 වනදා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂයන් සඳහා පමණක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අනිද්දා විවෘතව තැබෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින හැදුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් විභාග අපේක්ෂකයන් සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කාර්යාලය අනිද්දා දිනයේ දී විවෘතව තැබෙනවා.

එසේම ගාල්ල කුරුණෑගල , වවුනියාව, මඩකලපුව හා නුවරඑළිය දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල ද එදින පෙරවරු 8.30 සිට පස්වරු එක දක්වා විවෘතව තැබෙන බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසන්නේ.

දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙන් ද අදාළ ලිපිය බාගත හැකියි.

ජාතික හැදුනුම්පත ලබා ගැනීම සඳහා මෙතෙක් අයදුම්පත් ඉදිරිපත් නොකළ ඉල්ලුම්කරුවන් වේ නම් විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද නිසි ලෙස සම්පුර්ණ කළ ඉල්ලුම්පත් රැගෙන ආ යුතු වනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here