සාමාන්‍ය පෙළ විභාගයට සියල්ල සූදානම් – Saru News Media උණුසුම් පුවත්

0
7

2023 වසරට අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ වනවා.

ඒ සඳහා හාරලක්ෂ පනස්දෙදහස් නවසිය හැත්තෑනවදෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

මේ අතර 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අයදුම්කරුවන් 49312 දෙනෙකු අයදුම්කර තබුණා.

ඒ අනුව නැවත සමීක්ෂණයට ලක් කළ පිළිතුරු පත්‍ර සංඛ්‍යාව දෙලක්ෂ පනස්දහස් තුන්සිය එකොලහක් බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර හෙට දිනයේ ආරම්භ වන 2023 සාමාන්‍ය පෙළ විභාගය මැයි 15 දක්වා පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරන්නේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here