සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ – විභාග මධ්‍යස්ථාන අවට විශේෂ ආරක්ෂාවක්

0
12

2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වනවා.

ඒ සඳහා අයදුම්කරුවන් හාර ලක්ෂ පනස් දෙදහස් නවසිය හැත්තෑ නව දෙනෙකු පෙනි සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. 

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527ක් ස්ථාපිතයි.

විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ද දිවයින පුරා ස්ථාන කිහිපයක ස්ථාපිත කර තිබෙනවා.

සියලුම අයදුම්කරුවන් විභාග පැවැත්වීමට නියමිත වේලාවට පෙර සිය විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේ.

new2023 voice · EXSAM AMITH 01

විභාගයට පෙනී සිටින අවස්ථාවේදී ජංගම දුරකථන, ස්මාර්ට් වර්ගයේ ඔරලෝසු ඇතුළු කිසිදු තහනම් උපකරණයක් විභාග මධ්‍යස්ථානයට රැගෙන නොයෙන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

new2023 voice · EXSAM AMITH 02

විභාග මධ්‍යස්ථානවල සහ ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ.

new2023 voice · DIG NIHAL 05

මේ අතර උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින මෙම දිනවල වැඩි වශයෙන් ජලය පානය කරන්නැයි වෛද්‍යවරුන් විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව විභාග මධ්‍යස්ථානයට යාමේදී අනිවාර්යයෙන්ම ජල බෝතලයක් රැගෙන යන ලෙසයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ.

new2023 voice · DR DEEPAL 01

විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමේදී හැකිතාක් නිවසේ පිළියෙල කළ ආහාර දරුවන්ට ලබාදෙන ලෙසට දෙමාපියන්ගෙන් මෙහිදී ඉල්ලීමක්ද කළා.

new2023 voice · DR DEEPAL 02

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here