සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ – දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527ක් | Saru News Media

0
17

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ වනවා.

මෙවර විභාගයට පෙනී සිටීම සඳහා අපේක්ෂකයින් 452,979 දෙනෙක් අයදුම්කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අදින් ඇරඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පාසල් අයදුම්කරුවන් 387,648 දෙනෙක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331දෙනෙක් පෙනී සිටීමට නියමිතයි.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී විභාගය පැවැත්වෙනවා.

විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ද දිවයිනේ ස්ථාන කිහිපයක පිහිටුවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළා.

අද (06) දිනයේ ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය ලබන 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here