Google search engine
Home ගොසිප් පුවත් සා.පෙළ පළමු දිනයේම විභාගයට පෙනී සිටි සිසුවකු දිවි නසාගෙන

සා.පෙළ පළමු දිනයේම විභාගයට පෙනී සිටි සිසුවකු දිවි නසාගෙන

0
11

ol-first-day-death

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු දින ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන් සිසුවෙකු ආපසු නිවසට විත් සියදිවි නසාගැනීමේ සිද්ධියක් කටුගස්තොට පොලිස් වසමෙන් වාර්තාවේ.එසේ මියගොස් ඇත්තේ කටුගස්තොට පොලිස් වසමේ ජම්බුගහපිටිය ප්‍රදේශයේ 17 හැවිරිදි සිසුවෙකු වන අතර එම සිසුවා වත්තේගම අධ්‍යාපන කලාපයේ ආදර්ශ විදුහලක අධ්‍යාපනය හදාරමින් සිට ඇත .

සිසුවා ඔහු සිටි කාමරයේ සියදිවි නසාගෙන සිටියදී නිවැසියන් දැක ජම්බුගහපිටිය රෝහලට රැගෙන ගියත් ඒ වන විටද ඔහු මියගොස් සිටි බවට අනාවරණය වී ඇති බව පොලීසිය කියයි .සිසුවා එසේ සිය දිවිහානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී. රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදු කරේ.
ෂේන් සෙනෙවිරත්න

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here