සිංගල්, කපල් හැමෝටම වැදගත් කපල් ගැන ගිනස් වාර්තා – Saru News Media

0
10

දැන් කාලෙ කොල්ලො කෙල්ලෝ හැමෝටම ජීවිතේ තියෙන ලොකුම ටාගට් එක තමයි පවුල් පන්සල් වෙන එක. ඔය එක එක ෆේස්බුක් ගෘප්වල බැලුවමත් එයාලගෙ මූලික දේ විදිහට පේන්න තියෙන්නෙ කා එක්ක හරි කපල් වෙන එක. ඒ ගෘප් වල දවස ගාණෙ දාන පෝස්ට් වල තියෙන්නෙම එක එක දේවල් අල්ලගෙන කපල් වෙන එක. ලේ වර්ගය, ගම් පළාත, උපන්දිනය, උස, මහත, කන්න කැමති කෑම, එකී මෙකී නොකී ඕනම කාරණාවක් අල්ලගෙන කපල් වෙන්න තමයි එයාලට ඕනෙ. ඉතින් කොහොමහරි කපල් උනාම කියමුකෝ. ඉතින් ඒ කපල් වීම බොහෝ දුරට මාස දෙක තුනකින් සමාප්තියකට පත් වෙනවා හිතවතුනි. ඒකෙන් මේකෙන් කියන්න ආපු කාරණාවත් අමතක වෙනවා ඔව්වා ගැන කියද්දි. හරි කමක් නෑ. මනුස්ස වර්ගයාගෙ චර්යාවේ මූලික දෙයක් තමයි ඇත්තටම ඔය විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය වෙන එක. ඉතින් එහෙම ආකර්ෂණය වීමේ කූඨ ප්‍රාප්තිය විදිහට සැලකෙන්නේ විවාහය කියන දේ. ඉතින් කොහොමෙන් කොහොම හරි ඒ විදිහට එක එක හේතු නිසා එකට එකතු වුණු  සමහර ගැහැණු පිරිමි යම් යම් හේතු කාරණා නිසා සුවිශේෂී වෙන අවස්ථා තියෙනවා. අන්න ඒ වගේ ලෝකයේ එක එක සුවිශේෂී  හේතු වලට ගිනස් පොතේ නම් ලියාගත්තු කපල් කිහිපයක් ගැන තමයි අපි අද ඔයාලට කියන්න හදන්නෙ. හැබැයි ඉතිං කපල් වෙලා විතරක් හරියන්නෙ නෑ ගිනස් පොතට යන්න. කපල් වීම ඔෆීශියල් වෙන්න ඕනෙ. ඒ කියන්නෙ කසාද බැඳලා තියෙන්න ඕනෙ. ඒ වගේම අපි මේ කතා කරන්නේ විරුද්ධ ලිංගිකයන් අතරේ සිදු වුන විවාහයන් ගැන විතරයි.

 

 

ලෝකයේ දැනට වැඩිම කාලයක් යුග ජීවිතය ගත කරලා තියෙන යුවළ විදිහට ගිනස් පොතේ ලියවිලා තියෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වුණු Herbert Fisher මහත්තයා සහ Zelmyra Fisher මැතිණියයි. ෆිශර් මහත්තයා ඉපදිලා තියෙන්නෙ 1905 සහ ෆිශර් මහත්මිය ඉපදිලා තියෙන්නෙ 1907 අවුරුද්දේ. ඉතිං කාලයක් යාළුවො විදිහට හිටපු මේ දෙන්නා කසාද බැඳලා තියෙන්නෙ 1924 මැයි 13. ඒ වෙනකොට ෆිශර් මහත්තයට වයස 18, මහත්මියට වයස 16යි. ඒ වගේම එයාල ලෝකයට ඉතුරු කරලා ගිය ලොකුම වත්කම එයාලගෙ දරුවො පස්දෙනයි, මුණුබුරෝ දහදෙනයි, මී මුණුබුරෝ නමදෙනයි සහ ඩබල් මී මුණුබුරෝ එක්කෙනයි. ඉතිං 2011 පෙබරවාරි 27 ෆිශර් මහත්තයා මිය යනකොට එයාලගෙ විවාහක ජීවිතයට අවුරුදු 86කුත් දින 290ක් වෙලා තිබුණා. ඉතින් අද කාලෙ ඉන්න තරුණ තරුණියන්ට හොද ආදර්ශයක් විදිහට මේ කපල් එක උදාහරණයට ගන්න පුළුවන්.  

 

 

ඉක්වදෝරයේ ජීවත් වුණු Waldramina Maclovia Quinteros Reyes මැතිණිය සහ සහ Julio Cesar Mora Tapia මහතා ලෝකයේ වයස්ගතම විවාහක යුවළ විදිහටයි වාර්තා වෙන්නෙ. 2020 අවුරුද්දේ සීසර් මහත්තයා අභාවයට පත් වෙන කොට ඔහුට වයස 110කුත් එම මහත්මියට වයස අවුරුදු  105කුත් වුණා. ඒ වගේම ඒ වෙද්දි එයාලගෙ විවාහ ජීවිතයට අවුරුදු 79ක් වෙලා තිබුණා. 1934 දී සීසර් මහත්තයට එයාගෙ සහකාරිය මුණගැහිලා අවුරුදු හතකට පස්සෙ තමයි විවාහ වෙන්න තීරණය කරන්නෙ. හැබැයි ඒ වෙද්දිත් ගෙවල් වලින් එයාලට අවසර දීලා නොතිබුණු නිසා රහසේ තමයි එයාලගෙ විවාහ උත්සවය අරන් තිබුණේ. එයාලා විවාහ වෙලා දරුවො පස්දෙනෙකුත් හදලා තියෙනවා.

 

 

ලෝකයේ වැඩියෙන්ම වයසට ගිහින් කසාද බැඳපු යුවළ ගැන තමයි දැන් අපි කතා කරන්න යන්නෙ. ඒ වාර්තාවට හිමිකම් කියන්නෙ George Kirby මහත්තයා සහ Doreen Luckie මැතිණියයි. ජෝර්ජ් මහත්තයා ඉපදිලා තියෙන්නේ 1912 අවුරුද්දේ සහ ඩොරීන් මහත්මිය ඉපදිලා තියෙන්නේ 1923 අවුරුද්දේ. ඒ වගේම මේ දෙපළගේ විවාහ උත්සවය පැවැත්වුණේ 2015 අවුරුද්දේ. ඒ මේ දෙන්න අවුරුදු 27ක් ආදරවන්තයින් එහෙම නැත්නම් නිල නොලත් අඹු සැමියන් විදිහට විදිහට ආශ්‍රය කළාට පස්සේ. මේ දෙන්නගේ විවාහ උත්සවය සිද්ධ වෙද්දී ජෝර්ජ් මහත්තයට වයස අවුරුදු 103ක් වෙලා තිබුණා. ඒ වගේම මහත්මියට වයස අවුරුදු 91ක් වෙලා තිබුණා. හැබැයි ඒ දෙන්නගේ පළවෙනි විවාහ සංවත්සරයට මාසයක් පමණක් ඉතුරු වෙලා තියෙද්දී ජෝර්ජ් මහත්තයා මිය ගිහින් තියෙනවා. 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here