සුන්බුන් අතර සිර වී සිටියදී බාල සහෝදරයාව රැකගත් දැරිය – Saru News Media

0
6

වැඩිමහල් සහෝදරිය තමන්ගේ සහෝදර සහෝදරියන්ට අම්මා වන අවස්ථා ඕනෑතරම් හමු වෙනවා. සෑම බැඳීමකට වඩා ලේ බැඳීම ප්‍රබල බැවින් තමන්ගේ අය වෙනුවෙන් ඉතා කටුක මොහොතක පවා පෙනී හිඳින්නට පැකිලෙන අය ඉතා අල්පයි.මේ ඒ සුන්දර ලේ බැඳීම ගැන මුළු ලෝකයක්ම කඳුළු පිරුණු දෑසකින් නැරඹූ අවස්ථාවක්. මේ වෙද්දි සමාජ ජාලා සහ අන්තර්ජාලය කළඹවමින් මේ ඡායාරූපය සංසරණය වෙනවා.

තුර්කිය සහ සිරියාව ආශ්‍රිත භූමිකම්පාව ගැන මේ වෙද්දී ඔබ ඕනෑවටත් වඩා දේ දන්නවා ඇති. සැබෑවටම සංඛ්‍යාත්මකව ඉන් සිදුවූ අලාභ පාඩු සහ ජීවිත හානි ගැන කතා කරන්නට නොහැකි තරමට ඒවා ඉහළ යමින් පවතිනවා. එවැනි මොහොතක කෙසේ හෝ ජීවිත බේරාගත් බේරා ගත් පුද්ගලයන් ගැන ලෝකයටම ඇත්තේ මහත් සොම්නසක්. අතරින් ද මේ ඡායාරූපයේ හිඳින කුඩා දරුවන් දෙදෙනාගේ ජීවිත ගැන කතා කරන්නට වටිනා තරමේ කතාන්දරයක් තිබෙනවා.

මේ සිරියාවේ දරුවන් දෙදෙනෙක්. සිය බාල සොහොයුරා සමඟ සුන්බුන් යට සිරවී සිටින මේ සත් හැවිරිදි දැරිය ඔවුන් බේරා ගන්නා තුරු බලා සිටින අතරතුර, දැරිය තම බාල සොහොයුරාගේ හිස මත අත තබා ඔහුව ආරක්ෂා කරනවා. පැය 17කට වැඩි කාලයක් ඔවුන් කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටියා. අනතුරුව ගලවා ගන්නා මෙහෙයුම අවසන් වන තුරු ඔවුන් පැය හතලිහක් පමණ එසේ සිටි බව කියැවෙනවා.ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ නිර්භීතකම ගැන ප්‍රශංසාවට ලක් වූවා.දැරිය ඇගේ බාල සොහොයුරාගේ ජීවිතය බේරා ගත් වීරවරියක් ලෙස දැන් සලකනවා. ඇය සුන්බුන් යට වැතිර සිටියේ තම සහෝදරයාව ව්‍යසනයෙන් තම දෑතින් ආරක්ෂා කරමින් වීමම ඇගේ වයසට වඩා දරා ගැනීමක් ලෙස විචාරයට බඳුන් වූවා.

දරුවන් දෙදෙනා හිඳින වීඩියෝවක තමන්ගේ සහෝදරයා බේරා ගන්නේනම් තමන් ජීවිතය පුරා ගලවාගන්නන් වෙනුවෙන් සේවය කිරීමට කැමති බව පවා දැරිය පවසන අන්දම දකින්නට තිබෙනවා.

තමන්ගේ ජීවිතය පවා පරිත්‍යාග කර සහෝදරයා රැක ගන්නට තරම් ඇය මව්වත් ගුණය පිරුණු දැරියක්. වාර්තා වෙන අන්දමට ඔවුන්ගේ මව්පියන් මිය ගොස් අවසන්.

එහෙත් ජීවිතය පුරා තමන් දරා ගන්නා සහෝදරිය ඉතිරි වීමම කුඩා පුතුට මේ අඳුරු වළා මැද ඉතිරි වූ රිදී රේඛාවක් බව නොකියාම බැහැ. ඔවුන්ට ජීවිත කාලය පුරා ඔවුන් දරා ගන්නට හැකියාව ලැබේවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here