හමාස් සටන්කාමීන් එල්ල කළ රොකට් ප්‍රහාරයකින් ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තුන් දෙනෙකු මරුට – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
25

පලස්තීන හමාස් සටන්කාමීන් එල්ල කළ රොකට් ප්‍රහාරයකින් ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තුන් දෙනෙකු ජිවිතක්ෂයට  වුණා.

හමාස් සටන්කාමීන් ගාසා තීරය අසල කෙරම් ෂාලෝම් සිට එල්ල කළ රොකට් ප්‍රහාරයකින් මෙසේ මියගොස් තිබෙනවා.

මේ හේතුවෙන් ඊශ්‍රායලය කෙරම් ෂාලෝම් හරහා ගාසා තීරයට පිවිසෙන මාර්ගය වසා දමා තිබෙනවා.

ඊශ්‍රායලය පැවසුවේ මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බවයි.

කෙරම් ෂාලෝම් හරස් මාර්ගය ගාසා තීරයට ආහාර හා වෛද්‍ය සැපයුම් ඇතුළු මානුෂීය ආධාර ලබා ගැනීමට ඇති මාර්ග කිහිපයෙන් එකක්.

මේ අතර ඊජිප්තුවේ මැදිහත්වීමෙන් ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා ගිවිසුමක් ඇති කර ගැනීම වෙනුවෙන් දෙකක් සාකච්ඡා පවත්වනු ලැබුවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here