හොඳ වෘකයා සහ නරක වෘකයා… – Saru News Media

0
16

අපි දෙයක් උනාම ඒක කර්මයට භාර දෙනව නේද?

“කරුමෙ හන්දා මේක උනේ” කියල අපි කියනව. මෙහෙම කියන්නෙ ගොඩක් වෙලාවට අපි වැරදි තීරණයක් ගත්තම තමයි.

ඒත් ඇත්තටම ජීවිතේ වෙන දේවල් අපිට ඇත්තටම පොඩ්ඩක් හරි පාලනය කරන්න විදියක් නැද්ද?

උදාහරණයක් විදියට කිව්වොත් ඔන්න ඔයා කවූරුහරි යාලුවෙක්ට බනිනව. ඒ නිසා හිත රිදවගන්න ඔයාගෙ යාලුවා ඔයා එක්ක තරහවෙනව. මේක අපිට වලක්වගන්න පුලුවන් දෙයක් නේද?

අපිට තිබුනා නොබැන ඉන්න. බැන්නොත් හිත රිදෙන බව තේරුම්ගන්න. අර සමහරු කියන්නෙ “හිත රිදෙයි කියල හිතල නෙවෙයි බැන්නෙ” කියල. ඒ උනාට ඇත්තටම බැන්නම හිත රිදෙන බව අපි දන්නවා නේද? ඉතින් හිතල බලල බනින්නෙ නැතුව හොඳින් කතා කරන්න අපිට තිබුණා.

ඔන්න එකමත් එක කාලෙක එක සීය කෙනෙක්ට උවමනා උනාලු තමන්ගෙ මුණුපුරාට ජීවිතේ ගැන පාඩමක් කියල දෙන්න.

මේ සීය මුණූපුරාට ළඟට කතා කරල කිව්වලු “පුතේ මගේ ඇඟ ඇතුලෙ මේ වෙලාවෙ වෘකයො දෙන්නෙක් රණ්ඩු වෙමින් ඉන්නවා කියල.

මේ දෙන්නගෙ එක්කෙනෙක් තණ්හාව, නපුරු කම, දුෂ්ට කම, දැඩි බව පිරිච්ච කෙනෙක් බවත් අනිත් එකා අවිහිංසාව, සමාදානව, කාරුණික බව පිරිච්ච කෙනෙක් බවත් සීයා මුණුපුරාට කිව්වලු.

සීයගෙ මේ කතාව අහගෙන හිටපු පුංචි මුණුපුරා ටිකක් වෙලා කල්පනා කරල සීයගෙන් මෙන්න මෙහෙම අහලා තියෙනවා.

“එතකොට සීයෙ මොන වෘකයද දැන් ඔය සටන දිනන්නෙ?”

හෙමින් සැරේ හිනා වුනා සීය කිව්වලු “මම ශක්තිය දෙන කෙනා තමයි දිනන්නෙ” කියලා.

ඉතින් පුංචි කතාවක් උනාට ඒ කතාව ඇතුලෙ හැංගිල තියෙන්නෙ ලොකුම ලොකු පණිවිඩයක් ජීවිතේ ගැන.

අපි හැමෝම මිනිස්සු. පෘතග්ජන මිනිස්සු. ආසාවල් තිවෙන්නෙත් නැතිවෙන්නෙත් අපි තුලින්මයි.

ඒ වගේම තමයි මේ ලෝකෙ තියෙන හොඳ නරක කියන දෙකම තියෙන්නෙ අපි ලඟ. අපි හොඳ කෙනෙක් වෙනවද නරක කෙනෙක් වෙනවද කියන එක තීරණය වෙන්නෙ අපේ සිතුවිලි මත. ඒ තීරණයේ අයිතිය, වගකීම තියෙන්නෙ අපිට.

ඉතින් අපේ වගකීම වෙන්න ඕන හොඳ මොකද්ද නරක මොකද්ද කියල අඳුනගෙන හොඳම කරන්න කටයුතු කරන එක.

ඉතින් ඔයාගෙ ඇඟ ඇතුලෙත් ඉන්න හොඳ සහ නරක කියන වෘකයො දෙන්නගෙන් ඔයා කන්න බොන්න දීල ශක්තිමත් කරන්නෙ මොන වෘකයද කියන එක ගැන හිතල බලන්න!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here