හොරණ වෙඩික්කරු ගුවන්තොටුපලේ AFRS පද්ධතියට මාට්ටු වේ

0
15

හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබූ බවට හඳුනාගෙන තිබූ ප්‍රධාන සැකකරු සිද්ධියෙන්
පැය කීපයකට පසු ඩුබායි රාජ්‍ය වෙත පලායාම සඳහා පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හදුනාගෙන ගැනීමේ පද්ධතිය (Automated Facial recognize system – AFRS) මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අද (05) දහවල් 11.00 ට පමණ හොරණ පොලිස් වසමේ බේස්ලයින් වත්ත ප්‍රදේශයේදී ස්කුටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණ හොරණ ප්‍රදේශයේ පදිංචි වල්පිටගේ දොන් සංජය අසන්ත යන අයට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියට මෙම සැකකරු සම්බන්ධබවට පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබිණ.

සැකකරු වෙඩි තැබූ බවට බරපතල තුවාල ලද ව්‍යාපාරිකයා විසින් රෝහල්ගත කිරීමේදී ප්‍රකාශ කර තිබූ අතර මේ සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත සැකකරු සම්බන්ධයෙන් දිවයිනේ පොලිසි වලට මෙන්ම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙතද දැනුම් දී තිබිණි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු සැකකරු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, මෙම වෙඩිතැබීම දෙපාර්ශවය අතර දිර්ඝ කාලයක සිට පැවැති ආරවුලක් මත සිදුකර ඇති බවට මේවනවිට අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වන 48/F, හොරකැටිය, හොරණ ලිපිනයේ පදිංචි ගොඩැල්ලගේ අෂේන් ජනිත් කුමාර (අවු.31) වේ.

එසේම, වෙඩිතැබීමට පැමිණි යතුරු පැදිය හොරණ පොලිස් වසමේදී වි⁣ශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මම සැකකරු මීට දින කීපයකට ඉහතදී ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයකු බවත් හෙට (6) දින එරටට නැවත යාමට නියමිතව සිටි ඔහු වෙඩි තැබීමෙන් අනතුරුව කඩිමුඩියේ අද ( 5 ) ඩුබායි රාජ්‍ය වෙත යාම සඳහා පැමිණ තිබූ බව පොලිස් නිලධාරියකු පැවසීය.

සැකකරු හොරණ පොලිසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව වෙඩි තැබීම සඳහා පැමිණි පැදිකරු සහ වෙඩිතැබීමට යොදාගත් ගිනි අවිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකරු අද සවස පොලිසියවෙත බාර කරන බවට ඔහුගේ පවුලේ ඥාතීන් කළුතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහතිකව තිබී ඇත. එහෙත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන ඔහු රටින් පලායාමට උත්සහ කලත් ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හදුනාගෙන ගැනීමේ පද්ධතියට (Automated Facial recognize system – AFRS) කොටුවී තිබේ. 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here