හොරණ වෙඩි තැබීමේ සැකකරු කටුනායකදී අත්අඩංගුවට

0
13

හොරණ, බේස්ලයින් වත්ත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු විදෙස් රටකට පළා යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

ඒ, කටුනායක ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හදුනාගෙන ගැනීමේ පද්ධතිය මඟින් සැකකරුව හඳුනාගෙන ගැනීමෙන් අනතුරුව බවයි පොලිසිය පැවසුවේ.

අද උදෑසන මෙම වෙඩි තැබීම සිදුවූ අතර වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා තම නිවස අසල නවතා තිබූ කැබ් රථය වෙත ගමන් කිරීමේදී ස්කූටර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණි අදාළ සැකකරු වෙඩි තබා පළාගොස් තිබෙනවා.

මේ ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව. 

new2023 voice · DIG NIHAL 12

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here