හොරණ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු කොටු – ටී 56 ගිණිඅවියත් හමුවෙයි – Saru News Media දේශීය පුවත්

0
11

හොරණ දී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබූ සැකකරු ළග තිබි ටී 56 ගිණිඅවියක් ඇතුලු උපකරණ කිහිපයක් කළුතර අපරාධ කොට්ඨාශය සොයා ගෙන තිබෙනවා.

රටින් පළා යාමට උත්සහ කළ සැකකරු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගත් අතර ඔහු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා.

හොරණ ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු නිවසේ ඉදිරිපිට ඔහුගේ මෝටර් රථය නතර කර තිබියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීමක් සිදුකළා.

එහි ප්‍රධාන සැකකරු ව්‍යාපාරිකයාගේ බිරිද විසින් හදුනාගෙන තිබු අතර ඔහු පසුගියදා ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණ තිබුණා.

ඊයේ පස්වරුවේ ඔහු යළි ඩුබායි රාජ්‍යයට පළා යාමට උත්සහ දරා තිබුණා.

එහිදි කටුනායක ගුවන්තොටුපළේ මුහුණ හදුනාගැනීමේ පද්ධතිය ඔස්සේ හදුනාගත් එම සැකකරු අත්අඩංගුවට ගැනුනා.

සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණු අතර රැදවුම් නියෝග ලබා ගැනීමෙන් පසු ඔහුගෙන් ලබාගත් තොරතුරු මත කුඩාඋඩුව ප්‍රදේශයේ නිවසක සගවා තිබු ටී 56 ගිණිඅවියක් ඇතුලු උපකරණ කිහිපයක් සොයා ගෙන තිබෙනවා.

එම ගිණි අවියේ අංක මකා දමා ඇති අතර එය කිසියම් අපරාධයක් සදහා යොදා ගෙන ඇත්ද යන්න පිළිබද විමර්ෂණ සිදුකෙරෙන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

 

 

 

.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here