හොර වෛද්‍යවරුන් අල්ලන අලුත්ම පොලිස් මෙහෙයුම – Saru News Media දේශීය පුවත්

0
18

ව්‍යාජ සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන වෛද්‍යවරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලීසියේ අවදානය යොමුව තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන සහ එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ යන මහත්වරුන් ඇතුළු වෛද්‍යවරුන් පොලිස්පතිවරයා සමග පැවති විශේෂ සාකච්ඡාවකදීයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

පොලිස් මූලස්ථානයේ පැවති එම සාකච්ඡාවට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ද එක්ව සිටියා.

මීට අමතරව වෛද්‍යවරුන් මුහුණදෙන ගැටලු කීපයක් සම්බන්ධයෙන් ද මෙහිදී අවදානය යොමුව තිබෙනවා.

වෛද්‍යවරුන් වෙත නිකුත් කර ඇති නිල ලාංඡනය සහිත ස්ටිකරය වාහනවල තබා ගනිමින් නීතිවිරෝධී ක්‍රියාවල නිරතවන පුද්ගලයින් සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම,  ව්‍යාජ සහතික ඉදිරිපත් කරමින් වෛද්‍යරුන් ලෙස පෙනී සිටින පුද්ගලයින් පිළිබද නීතිමය ක්‍රියාමාර්ග ගැනීම,  නිසි ප්‍රමිතියකින් තොර ඖෂධ සුවදවිලවුන් රූපලාවන්‍ය ආලේපන වෙළදාම්කිරීම් සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම,  වෛද්‍යවරුන්ට පහරදීමේ සිද්ධීන් පිළිබද ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම ආදී කරුණු රැසක් පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ ගැටලු සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව පොලිස්පතිවරයා මෙහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම ද සිදුකළා.

ඒ අනුව ව්‍යාජ සහතික ඉදිරිපත් කරමින් වෛද්‍යවරුන් ලෙස පෙනීසිටින පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here