20යි 20 ලෝක කුසලාන සංචිතය එළිදැක්වූ පළමු රට බවට නවසීලන්තය පත්වෙයි

0
22

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සිය සංචිතය ප්‍රකාශයට පත්කළ පළමු රට බවට නවසීලන්තය පත්ව තිබෙනවා.    

ඒ, ලෝක කුසලානය ආරම්භ වීමට තවත් දින 32ක් ඉතිරිව තිබියදී වීම විශේෂත්වයක්.

නවසීලන්ත සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ඒ අතරින් දෙදෙනෙකුගේ මංගල ලෝක කුසලාන තරඟාවලිය මෙයයි.

ඒ අතරට මේ දිනවල ක්‍රිකට් පිටියේ දස්කම් දක්වන නවක ක්‍රීඩක රචින් රවින්ද්‍රා ද ඇතුළත්.

නවසීලන්ත කණ්ඩායමේ නායකත්වයට නම් කර ඇත්තේ කේන් විලියම්සන්.

අවස්ථා 07කදී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලි සඳහා එක්වූ වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුතිද කණ්ඩායමට එක්කර තිබෙනවා.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ජූනි 03 වනදා ආරම්භ වනවා. නවසීලන්තය සිය පළමු තරඟයට එක්වන්නේ ජූනි 08 වනදායි.  
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here