AKD ට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක් – අද පස්වරුවේ ජන හමුවක්

0
24

ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක (AKD ) ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන

ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.



ජාතික ජන බලවේගයේ ස්වීඩන කමිටුව අනුර කුමාර දිසානායකගේ මෙම සංචාරය සංවිධානය කරයි.

අනුර කුමාර දිසානායක ස්ටොක්හෝම්හිදී අද (27) පස්වරුවේ ජන හමුවකට සහභාගී වීමට නියමිතය.

එම ජනහමුව පැවැත්වෙන්නේ ස්වීඩනයේ ස්ටොක්හෝම් හී Nacka නගරයේ Griffelvägen හී Nacka Aula සම්මන්ත්‍රණ ශාලාවේ දී ය.

එරට සංවිධායක මණ්ඩලය සඳහන් කරන්නේ ස්වීඩන් වේලාවෙන් ප.ව. 1.30ට එරට සිටින ශ්‍රී ලාංකිකයන් ඇමතීමට සියල්ල සුදානම් බවයි.


 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here