Irish Wish .. – Saru News Media

0
26

ඔන්න අද ලියන්න යන්නෙත් නෙට්ෆ්ලික්ස් වෙත අලුතෙන්ම මුදා හැරුන චිත්‍රපටයක් ගැන. Irish Wish  තමයි මේ චිත්‍රපටයේ නම. නම දැක්ක ගමන්ම පොඩි ෆැන්ටසි ගතියක් හිතට එනව නේද?

ඔව් ශේප් එකේ මේකෙ පොඩි ෆැන්ටසිමය ගතියක් තියෙනව කියලත් කියන්න අපිට පුලුවන්.

ඉතින් මොකද කියන්නෙ? අපි බලමුද මේ චිත්‍රපටයෙන් කියන්නෙ මොකක් ගැනද කියලා.

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතෙ නම තමයි මැඩී කෙලී. මැඩී හිතෙන් ආදරය කරනව එයා එක්ක එකතුවෙලා පොත් සංස්කරණය කරන පෝල් කෙනඩි කියන කතුවරයට.මැඩී මේ ගැන එයාගෙ අම්මට විතරයි කියන්නෙ. එයා කොටින්ම තමන්ගෙ හොඳම යාලුවො උන එමා සහ හෙදර්ටවත් මේ ගැන මුකුත්ම කියන්නෙ නෑ.

මැඩි ඉඳල ඉඳල දවසක හිතනව පෝල්ට එයාගෙ හිතේ තියෙන හැඟීම ගැන කියන්න. එයා ඒක කියන්න යද්දිම තමයි පෝල් මැඩීගෙන් අහන්නෙ එයාගෙ ඊලඟ පොත ලියන්න එයාට උදව් වෙන්න මැඩී කැමතිද කියල.

මැඩීගෙ යාලුවෙක් උන එමාව පෝල්ට හමුවෙන්නෙත් මෙන්න මේ කාලෙම වගේම තමයි. එමාව දැකපු ගමන්ම පෝල්ගෙ හිතෙ එයා ගැන කැමැත්තක් ඇතිවෙනවා.

මාස තුනකට පස්සෙ මේ යාලුවො තුන්දෙනා පෝල් එක්ක එයාගෙ අයර්ලන්තෙ තියෙන ගෙදරට යනව. මෙයාල ප්ලෑන් කරගෙන ඉන්නෙ එහෙදි එමා සහ පෝල්ගෙ විවාහයත් කරන්න. මැඩීගෙ සිතුවිලි මුකුත්ම දන්නෙ නැති එමා මැඩීට ආරාධනා කරනව එයාගෙ දෙවනි මනමාලි වෙන්න. තමන්ගෙ හිතේ පෝල් ගැන තියෙන හැම හැඟීමක්ම අමතක කරන මැඩී ඒ යෝජනාවට කැමති වෙනවා.

අයර්ලන්තයට යන ගමනෙදි එයාපෝට් එකේදි මැඩීට බෑග් එහෙ මෙහෙ වෙච්ච ප්‍රශ්නෙකට මැඩීට හමුවෙනව ඉංග්‍රීසි ජාතික පොටෝග්‍රැෆර් කෙනෙක් වෙන ජේම්ස් තෝම්ස්. ජේම්ස්ගෙයි මැඩීගෙයි බෑග්ස් දෙකම එක වගේ. බෑග් ප්‍රශ්නෙ විසඳගන්න එයාපෝට් එකේ නතරවෙන මැඩී කියනවා එයා පස්සෙ එන්නම් පෝල් ඇතුලු අනෙක් අයට යන්න කියල.

කොහොම හරි ඒ අය ගියාට පස්සෙ මැඩීට පෝල්ගෙ ගෙදර යන්න බස් එකක් ගන්න වෙනවා. ඒ උනාට එතනදි මැඩීගෙ උදව්වට එන ජේම්ස් කියනව මැඩීට එයා එක්ක යන්න පුලුවන් කියල.

කොහොමහරි පෝල්ගෙ ගෙදරට යන මැඩී පස්සෙන්ද පෝල්, එමා හෙදර් සහ පෝල්ගෙ සහෝදරය උන කෝරි එක්ක විනෝද චාරිකාවක් යනව. මෙයාලා බෝට්ටු පදින්න වැවකට තමයි යන්නෙ. හැබැයි මෙතනදි මැඩීට හිතෙනව නිකන් තමන් පොඩ්ඩක් කොන් වෙලා වගේ කියල ඒ නිසා එයා එතන තියෙන බංකුවක වාඩිවෙනවා. මේ බංකුවේ පොඩි විශේෂත්වයක් තියෙනව. ඒක Wishing bench එකක්.

ඉතින් මැඩී මෙතන ඉද්දි සුරංගනාවියක් මතුවෙනව. ඇවිත් කියනව “මම නම් කැමතියි ඔයා පෝල්ව බැන්දනම්” කියල.

එකපාර තද හුලඟක් හමනවා. මැඩී අයෙ ඉපදෙන්නෙ පෝල්ගෙ පෙම්වතිය වෙලා. මේ වෙන දේවල් ගැන මැඩීට පොඩි සැකයක් තියෙනව. තමන් දකින්නෙ හීනයක්ද කියලත් හිතෙනවා.

තමන්ගෙ හීනෙ හැබෑවෙන පාටක් පෙනුනත් මැඩී මේ හැමදෙයක් දිහාම බලන්නෙ සැකෙන් වගේ. කොහොමහරි මේ සිහින ලෝකෙ ඇතුලෙ පෝල් මැඩීට එන්න කියනවා බයිසිකල් පදින්න යන් කියල. හැබැයි මැඩී බයිසිකල් පදින්න එච්චර දන්නෙ නෑ.අන්න එතනදි ආයෙ එමා මැඩීගෙ තැන ගන්නව. මොකද එයාට හොඳට බයිසිකල් පදින්න පුලුවන්.

ඊටපස්සෙ මැඩී හිතනව මම ඉස්තරම් මංගල ඇඳුමක් අඳිනව කියල.

ඉතින් මේ සුරංගනාවිගෙ කතාව අහල මැඩී ඒ සුරංගනාවිගෙ පස්සෙන් යනව එයාගෙ උදව්ව ඉල්ලගන්න. මෙහෙම ගිහින් එයා අර එයාපෝට් එකේදි හමුවෙච්ච ජේම්ස්ව මුන ගැහෙනව.හැබැයි ජේම්ස්ට මතක නෑ කලින් මේ දෙන්න හමුවෙලා තියෙනව කියල. ඒ උනාට මැඩීට මතකයි.

කොහොමහරි මේ වෙද්දි වෙඩින් එක වෙනුවෙන් පෝල්ගෙ ගෙදර අය හයර් කරපු පොටෝග්‍රැපර් එන්නෙ නෑ කියල දැනුම් දීලා. එහෙම වෙලාවක මැඩී ජේම්ස්ව එක්කරගෙන ආව එක ගැන පෝල්ගෙ අම්ම මැඩීට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

එදා රාත්‍රියේ පෝල් එනව මැඩී නිදාගෙන ඉන්න තැනට. ඇවිල්ල පෝල් මැඩීගෙ ඇඟට අත තිබ්බම කලබල වෙන මැඩී පෝල්ට පාරක් ගහනව. කොහොමහරි උදේ වෙද්දිත් පෝල් රෑ වෙච්ච දේවල්වලින් රිකවර් වෙලා නැති හන්දා මැඩී ජේම්ස් එක්ක තමයි ෆොටෝස් ගන්න ලස්සන තැන් බලන්න යන්නෙ.

කොහොමහරි මේ දෙන්න ආපහු එද්දි කුනාටුවක් නිසා පාර හරහට ගහක් වැටිල. ආපහු යන්න විදියක් නෑ. ඉතින් පාර ක්ලියර් කරනකම් මේ දෙන්න නතර වෙනවා පබ් එකක. එදා දවසම මේ දෙන්න පබ් එකේ ඉඳන් එක එක සෙල්ලම් කර කර හරිම සන්තෝසෙන් කාලෙ ගෙවනවා.

ආපහු එන ගමනෙදි තමයි මැඩීට තේරෙන්නෙ එයාට ගැලපෙනම කෙනා, එයාගෙ ආත්ම සහකාරය විය යුත්තේ පෝල් නෙවෙයි ජේම්ස් බව.

ඉතින් ඔයාලා මොකද හිතන්නෙ මැඩීට පුලුවන් වෙයිද ආපහු කතාවෙ මුලටම ගිහින් එයාට ගැලපෙනම කෙනා වෙන ජේම්ස් එක්ක එකතුවෙන්න?

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here