Mahan Air ශ්‍රී ලංකාවට – Saru News Media | Sri Lanka Business News

0
15

ශ්‍රී ලංකාව සහ ඉරානය අතර Mahan Air ගුවන් සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව එකඟතාව පළ කර ඇති බවත්, ඉරාන සංචාරකයන් වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට මෙන්ම සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ සහයෝගිතාවය වර්ධනය කිරීමට එමඟින් දිරිගන්වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර සිටී.

2022 දී ඉරානය ශ්‍රී ලංකාවට වැඩිම ජාත්‍යන්තර සංචාරකයින් පැමිණෙන රටවල් ලැයිස්තුවේ 27 වැනි ස්ථානයට පත් වූ අතර එය 2021 වසරට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරයි.

Mahan ගුවන් සේවය, Mahan Air නමින් ක්‍රියාත්මක වන අතර එය ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි පුද්ගලික සමාගමකට අයත් ඉරාන ගුවන් සේවයකි. එය ඈත පෙරදිග, මැද පෙරදිග, මධ්‍යම ආසියාව සහ යුරෝපය වෙත කාලසටහන්ගතව දේශීය සේවා සහ ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here