Noziya Karomatulloට අන්තවාදී ප්‍රහාරයක් – Saru News Media

0
5

“නගෝ නගෝ” ලෙස කාලයකට ඉහතදී අතිශය ජනප්‍රිය වූ ගීතය ඔබට මතක ද? මේ ගීය ගයන්නිය Noziya Karomatullo. ඇය ටජිකිස්තානයේ වාසය කරන්නියක්. ඇගේ පියා ද ඒ රටේ ප්‍රකට සංගීත කණ්ඩායමක දක්ෂ වාදකයෙක්.

කාලයකට ඉහතදී පැතිරුණු කටකතාවකින් කියවුණේ Noziya Karomatullo ගල් ගසා මරා දැමුණු බවක්.

ඒ කතාව ඇත්තද?

Noziya Karomatullo කුඩා කාලයේ පටන්ම ගායනයට හපනියක්. නමුත් ඇය ඉස්ලාම් ආගමට අයත් නිසා ඇයට ඒ දක්ෂතා එළි දැක්වීම පහසු වුණේ නෑ.ආගමේ පැනවූ නීති නිසා ඇය බොහෝ සිරවූ ජීවිතයක් ගත කළා. Noziya Karomatulloගේ පියා රටේ ඇති වූ සිවිල් යුද්ධයකදී ඉස්ලාම් මතවාදී කණ්ඩායමක් විසින් ඝාතනය කෙරුණා. ඉන්පසු නොසියාගේ මව ඇයව ඉතා අසීරුවෙන් හදා වඩාගෙන තිබෙනවා. නොසියාට ගායනයට සහ වාදනයට ඉතාම හොඳින් හැකියාවක් කුඩා කල සිටම පැවතී තිබෙනවා. ඇය නර්තනයටත් හපනියක්. මේ හැකියාවන් පියාගෙන් ඇයට උරුම වූ බවයි පැවසෙන්නේ. ඇය ගායනය සහ නර්තනය හොඳින් හදාරා තිබෙනවා. නර්තන ආයතනයකට ඇතුළු වී නර්තනය හැදෑරූ ඇය උසස් අධ්‍යාපනයට ඉන්දියාවට ගොස් තිබුණා. නවදිල්ලියේ අධ්‍යාපනය හදාරන අතර ඇය කතක් නර්තන ජය පවා ලබාගෙන තිබෙනවා.

අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව නැවත තජිකිස්තානයට එන නොසියා ගායිකාවක් ලෙස ඇගේ ගමන ආරම්භ කරනවා. ඇය ගීත පනහකට අධික ප්‍රමාණයක් ගායනා කර තිබෙනවා. අවුරුදු විස්සේදී ඇය නගෝ නගෝ ගීතය ගායනා කරන අතර එය ලෝකය පුරා ජනප්‍රිය වන්නට ගන්නේ ටික කාලයකට පසුවයි.2014 දී විවාහ වූ ඇය දියණියකට අම්මා කෙනෙක්ද වෙනවා.මේ කාලයේදී ඇයව අන්තවාදීන් විසින් ගල් ගසා මරා දැමූ බවත් වෙඩි පහරකට ලක් වී මිය ගිය බවත් කට කතා පැතිරෙනවා. ඒ ඇයව නැවත වේදිකාවේ දක්නට ලැබෙන්නේ නැති නිසා. 

නමුත් සත්‍ය කතාව එය නොවේ. ඇයට අන්තවාදීන්ගේ මරණ තර්ජන එල්ල වී තිබුණා. ඒ නිසා ඇය ගායනයෙන් ඉවත් වන්නට තීරණයක් ගෙන තියෙනවා. නමුත් ඒ ටික කාලයකට පමණයි. ඉන්දීය සංගීත ක්ෂේත්‍රයේ සමඟ සමඟ එක්වන්නට නොසියා තීරණයක් ගන්නවා. හින්දි භාෂාව හොඳින් කතා කරන්නට දන්නා අයට ඉන්දියාව තුළ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඇයගේ යූ ටියුබ් නාලිකාව ඉතා ජනප්‍රිය එකක් වන අතර එහි වැඩි වශයෙන් හින්දි කවර් සෝන්ග්ස් අන්තර්ගත වෙනවා. ඉන් සමහර ඒවාට නැරඹුම් වාර මිලියන ගණන් ද ලැබී තිබෙනවා. මේ මොහොතේ පවා ඒ යූ ටියුබ් ගිණුම නව ගීතවලින් Update වෙනවා.

Noziya Karomatullo අන්තවාදී ප්‍රහාරවලින් මිය ගිය කතාව අසත්‍යයක්. දැන් ඇය ගෙවන්නේ අනතුරු රහිත ජීවිතයක්. ඇයට නුසුදුසු බිමක ජීවත් වීම වෙනුවට පහසුවෙන් පැළ විය හැකි සහ සුවඳ විහිදිය හැකි බිම ඇය තෝරා ගත්තා.

දැන් ඇය නිදහසේ ජීවත් වන්නියක්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here