OL අවසන් වී සති දෙකකින් AL පංති කිරීමට සැලසුම්…

0
8

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු පිළිතුරු පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය අදියර 02ක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා පරීක්ෂකවරුන් 35000ක් යෙදවීමට නියමිත බව පැවසීය.

යම් හෙයකින් විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ හදිසි ආපදා තත්ත්වයන් ඇති වුවහොත් ඊට ද සියලුම අංශ සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර සමාන්‍ය පෙළ විභාගය අවසන් වී සති දෙකක් ඇතුළත එම දරුවන්ට උසස් පෙළ පන්ති ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here