Onmax DT අධ්‍යක්ෂවරුන්ට අධිකරණයෙන් නියෝගයක් – Saru News Media උණුසුම් පුවත්

0
8

ඔන්මැක්ස් ඩී.ටී පිරමීඩ ආයෝජන ක්‍රමයේ මුදල් ආයෝජනය කිරීමෙන් අගතියට පත් තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිලවෙලක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය එම සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝග කළා.

මෙම නඩුව අද කැදවූ අවස්ථාවේ අදාළ ඔන්මැක්ස්  සමාගමේ අධ්‍යක්ෂවරුන් 04 දෙනා ද අධිකරණය හමුවේ පෙනී සිටියා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහිදී කියා සිටියේ මෙම සිද්ධියට අදාළව පැමිණිලි 345 ක් ලැබී ඇති බවයි.

තවත් පුද්ගලයින් ගණනාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙන බවද ඔවුන් පැවසුවා.

06 දෙනෙකු විදේශගතවීම වැලැක්වීමේ නියෝග නිකුත් කරන ලෙස කළ ඉල්ලීමට අනුවඑම නියෝග ද නිකුත් කෙරුණා.

සැකකාර අධ්‍යක්ෂවරයෙකු භාරයේ තිබී  ඔන්මැක්ස් පිරමීඩ ආයෝජන සැලැස්මට අදාළව ලේඛණ සොයාගෙන තිබෙනවා.

ඒවා රජයේ සැක කටයුතු අත්අකුරු පරික්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැදවීමටද නියෝග කෙරුණා.

අගතියට පත් තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිලිවෙලක් සකස් කළ හැකි දැයි මහේස්ත්‍රාත්වරයා විත්තියේ නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටියා.

එහිදී ඔවුන් පැවසුවේ අදාළ බැංකු ගිණුම් හා දේපල තහනම් කර ඇති බැවින් එම මුදල් ගෙවීය නොහැකි බවයි.

අදාළ තහනම ඉවත් කරන්නේ නම් මාස 06 ක් තුළ සියලු තැන්පතු මුදල් ආපසු ගෙවිය හැකි බව ද ඔවුන් පැවසුවා.

ඒ අනුව මුදල් ආපසු ගෙවීමේ සැලැස්ම ලබන 28 වනදා ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරුණා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here