SJB පාර්ලිමේන්තු අපේක්‍ෂක එජාපයට එක්වෙයි..

0
29

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ හා ජාතික ජන බල වේගයේ පිරිසක් තමන් සමග එක්සත් ජාතික පක්ෂයට සහය පල කිරිමටත් ඉදිරි මැතිවරණයේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහානය සදහා කටයුතු කිරිමට පියවර ගෙන ඇති බව සමගි ජන බල වේගයෙන් පසුගිය පාර්ලීමේන්තු මැතිවරණයට තරග කල අශෝක හේරත් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු අශෝක හේරත් මහතා පවසන ලද්දේ තමන් පසු ගිය පාර්ලීමේන්තු මැතිවරයේදි සමගි ජල බලවේගයෙන් නුවරඑළිය දිස්ත්‍රික්යට තරග කල බවත් මේ වන විට එම පක්ෂය පිලිබදව ඇතිවු යම් යම් කල කිරිම් මත එම පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට පැමිනිමට පියවර ගත් බවත්ය.

එමෙන්ම පසු ගිය පලාත් පාලන මැතිවරණයේදි  සමගි ජන බලවේගයෙන් හා ජාතික ජන බලවේගයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන සදහා නාම යෝජනා දුන් පිරිසක්ද තමන් සමග නුවරඑළිය ජනාධිපති මන්දිරයේදි  මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කේ. කේ. පියදාස මහතා සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවි ඉදිරියේ පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට පුර්ණ සහාය ලබා දෙන බවට පැවසු බවද ඔහු පැවසිය.

ඉදිරියේදිද නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ තවත් ප්‍රබල ආධාරකරුවන්  පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහානය වෙනුවෙන් එක්විමට සිටින බවද අශෝක හේරත් මහතා වැඩි දුරටත් පැවසිය.

– මනුර සුදත් සෙල්ලහේවා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here