TikTok ඇමෙරිකාවට එරෙහිව නඩු පවරයි – Saru News Media උණුසුම් පුවත්

0
20

ටික් ටොක් යෙදවුම තහනම් කිරීමට විරුද්ධව එම සමාගම ඇමෙරිකාවට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ටික් ටොක් යෙදවුම අයත් චීන සමාගමෙන් පරිබාහිර වෙනත් පාර්ශවයකට ඇමෙරිකාව තුළ එම සමාගමේ අයිතිය ලබා දිය යුතු වනවා.

එසේ නොවුනහොත් එම යෙදවුම ඇමෙරිකාව තුළ තහනම් වන ආකාරයටයි ඔවුන් නීති සම්පාදනය කර ඇත්තේ.

කෙසේ වුව ද ජනතාවගේ භාෂනයේ නිදහස උල්ලංඝනය කිරීමට ඇමෙරිකා කටයුතු කර ඇති බව පවසමින් ඔවුන් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

ටික් ටොක් යෙදවුම තහනම් කිරීම සාධාරණ හේතු දැක්වීමට ද ඇමෙරිකාව සමත් වී නැති බවයි අදාළ සමාගම පෙන්වා දෙන්නේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here