Google search engine
Home ගොසිප් පුවත් VFS Global ආපසු හරවයි – වීසා ප්‍රශ්නය කැබිනට්ටුවේදී රනිල් විසඳයි

VFS Global ආපසු හරවයි – වීසා ප්‍රශ්නය කැබිනට්ටුවේදී රනිල් විසඳයි

0
9

ranil-visa-onarrival-vfs-global

මෙරටට විදේශිකයෙකු ඇතුල් වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුවට නැවත පැවරීමට ඊයේ (6) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. මින් ඉහත ලබාගත් කැබිනට් තීරණය මේ අනුව වෙනස් කර ඇත. මින් ඉහත VFS Global ඇතුලු සමාගම් තුනකට මෙම වගකීම පවරන්නට කැබිනට්ටුව ලබාගත් තීරණය නිසා ගැටලුකාරී තත්වයන් උදාවිය.

එසේම වැඩි මිලකට වීසා ගාස්තු අයකිරීම හේතුවෙන් සංචාරක වයාපාරයට අහිතකර බලපෑම් ඇතිවන බවට මත පළ විය.

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව ඩොලර් 100 නොකර එලෙසම 50 ලෙස පවත්වා ගෙන යාමට ඊයේ (06) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී තීරණය කර තිබෙයි.

එමෙන්ම ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාවද එසේම ක්‍රියාත්මක වෙයි.

සංචාරක කර්මාන්තයේ සාර්ථක ප්‍රගතියක් මේ වන විට රට තුළ ඇති වී තිබෙන බැවින්, විදේශිකයෙකු මෙරටට පැමිණිමේදී නිකුත් කරන වීසා බලපත්‍රයක උපරිම ගාස්තුව ඩොලර් 50ක සීමාවේ පවත්වාගෙන යන ලෙස සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පාර්ශ්ව රැසක් ද පසුගිය දින කිහිපය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතින් ඉල්ලා තිබූ අතර ඊයේ රැස්වීමේදී සංචාරක ඇමතිවරයා මේ ගැන කථාකර තිබේ.
අමාත්‍ය මණ්ඩල හමුවට මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණයට එළැඹිණි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here