පවතින වසංගතය හමුවේ ගැබිණි මව්වරුන් දැනුවත් විය යුතුම කරුණු කිහිපයක් – Saru FM Media

0
102


ලෝකෙටම බලපාලා තියෙන කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ කොහොමද ගැබිණි මව්වරුන් ආරක්ෂා වෙන්නෙ කියන කරුණ ගැන කතා බහ කිරීම ඉතාමත් වැදගත්.

ඉතිං මේ ලිපියෙන් ඒ පිළිබඳව වැදගත් තොරතුරු කිහිපයක් ගැන අවදානය යොමු කරනවා.

ගැබිණි මවුවරුන් කොවිඩ් වසංගතය පවතින මේ කාලයේ වඩාත් අවධානයෙන් කටයුතු කළ යුත්තේ ඇයි?

ගැබිණි ඔබගේත් කුස තුළ සිටින දරුවාගේත් නිරෝගිමත්භාවය ඉතාම වැදගත්. කොවිඩ් පැතිරෙන මේ කාලයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම තරයේ පිළිපැදීමත්, නිසි සෞඛ්‍ය උපදෙස් සහ සේවා ලබා ගැනීමත් මේ සඳහා අත්‍යවශ්‍යයි.
ගැබිණි මවකට කොවිඩ් වැළඳුනහොත් සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති නිසාත් තවත් ජීවිතයක් ඔබ සතු වන නිසාත් ඔබ ප්‍රවේසම් වීම අනිවාර්යයි.

ඒ අනුව ගැබිණි මව මෙන්ම ඇයගේ සමීපතමයින්ගේ වගකීම් සහගත හැසිරීමක් මේ කාලයේ තිබිය යුතු වනවා.

අත්‍යවශ්‍යය කාරණයකට හැරුණුකොට වෙනත් කිසිම හේතුවකට නිවසෙන් පිටතට යෑම වෛද්‍යවරුන් අනුමත කරන්නෙ නැහැ.

නමුත් සායනයට හෝ රෝහලට හෝ යාමට සිදු වුවහොත්, කොවිඩ් 19 රෝගයෙන් වැළකී සිටීමට පහත කරුණු තරයේ පිළිපැදිය යුතුවනවා.

1.වාතාශ්‍රය හොඳින් නොලැබෙන ස්ථානවල රැඳී සිටීම අවම කරන්න

2.සෑමවිටම මුව ආවරණයක් නිවැරදිව පැළඳීම

3.පුද්ගල දුරස්ථභාවය නිසි ලෙස පවත්වා ගැනීම

4.අවමංගල්‍ය උත්සව වැනි වැනි පිරිස් එක් රැස් වන ස්ථානවලට නොයා සිටීම

5.නිතර සබන් යොදා සෝදා දෑත් පිරිසිදුව තබා ගැනීම.

6.වෙනදාට වඩා වැඩිපුර වතුර බොන්න

7.මනස සංසුන්ව තබා ගන්න

ඒ වගේම තමයි කුමන හෝ කොවිඩ් එන්නතක් ලබා ගැනීමට යොමු වීම අවශ්‍යය වනවා.ඇතිවිය හැකි මාරාන්තික තත්ත්වයක් එන්නත්කරණය තුළින් අවම කර ගැනීමට හැකිවෙනවා.ඒ අනුව ගැබිණි මව්වරුන් මාස 2- 3ක් ඉක්මවූ වහාම එන්නත්කරණය සිදුකර ගැනීම කළ යුතුයි.

එමෙන්ම කොවිඩ් රෝගයට දක්වන බිය හේතුවෙන් ගැබිණි මවුවරුන් නියමිත පරිදි සායනවලට සහ ප්‍රතිකාර වලට යොමු වීම ප්‍රමාද වෙනවා දකින්න තිබෙනවා. ඒ ප්‍රමාදය නිසා ගැබිණි මවගේත්, කුස තුළ සිටින දරුවාගේත් සෞඛ්‍යයට හානි සිදුවෙන්න පුළුවන්.ඒ නිසා සායන වෙත යොමු වීම අවශ්‍යය වනවා.

ඒ වගේම තමයි මේ කොවිඩ් වෛරසයට මුහුණ දීමට තරම් ශක්තිමත් භාවයක් ගොඩනගා ගැනීමට ඔබ පෝෂදායී ආහාරවේලක් ගැනීම ඉතාම වටිනා දෙයක්.

එහිදී පිෂ්ඨය සහිත ආහාර,විටමින්,ඛණිජ ලවන සහිත ආහාර නිරන්තරයෙන් තමන්ගේ ආහාරවේලට එකතු කර ගැනීම වැදගත් වනවා.සමබල ආහාර වේලක් ඔබ ලබා ගන්නවා නම් අමතර විටමින් සදහා යොමු වීමක් අවශ්‍ය වන්නෙ නැහැ.

ඒ වගේමයි ඔබට හමුවන සියලුම දෙනා කොවිඩ් ආසාදිතයින් යැයි සිතා පරිස්සම් වීම තුළින් මේ වසංගතයෙන් නිසැකයෙන්ම ඔබට ආරක්ෂා වෙන්න පුළුවන්.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here