අදානිගේ ඉන්දීය සමාගමෙන් විදුලිය ලබාගැනීමට කැබිනට් අනුමැතිය

0
9

වසර විස්සක කාලය සදහා ඉන්දීය අදානි ග්‍රීන් සමාගමෙන් (M/s Adani Green Energy Limited) විදුලිය ලබාගැනීමට

කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව එම අනුමැතිය හිමිව ඇත්තේ මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන සුළං විදුලි බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මිලදී ගැනීම සඳහාය

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ සම්බන්ධයෙන් ඊයේ (07) සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳව තහවුරු කර ඇත.

nlkdljf
මීට අදාළ ටෙන්ඩරය අදානි ග්‍රීන් එනර් ජී සමාගම විසින් ඉදිරිපත් කර තිබූ අතර එම ව්‍යාපෘතිය යටතේ නිපදවන විදුලිය සඳහා කිලෝ වොට් පැයකට ඇමෙරිකානු ඩොලර් ශත 8.26ක අගය (සැබෑ විනිමය අනුපාතය ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීමට යටත්ව) අවසන් ගාස්තුව වශයෙන් පිළිගැනීමටත් එහිදී යෝජනා කර තිබේ.

මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල සුළං විදුලි බලාගාර ස්ථාපනය සඳහා අදානි ග්‍රීන් එනර් ජී සමාගම සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීමට 2022 මාර්තු 07 වනදා කැබිනට් අනුමැතිය ලැබුණි.

එම සමාගම විසින් ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තාව ඇගයීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් “සාකච්ඡා සම්මුති කමිටුවක්” පත්කළේය. යෝජිත ව්‍යාපෘතිය මගින් නිපදවන විදුලිය සඳහා මිල තීරණය කර ඇත්තේ එම කමිටුවේ නිර්දේශ මතය.

(aruna.lk)

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here