අද කාලේ හැමෝගෙන්ම බැණුම් අහන, ඒත් අපිට නැතුවම බැරි තාක්ෂණික උපාංග! – Saru News Media

0
16

අපිට ගොඩක් වෙලාවට අහන්න ලැබෙන දෙයක් තමයි අලුත් තාක්ෂණේ සහ අලුත් තාක්ෂණික උපාංග වලින් මිනිස්සුන්ගේ ජීවිත අප්සෙට් ගිහිල්ලය, මානව සම්බන්ධකම් නැති වෙලාය, මිනිස්සුන්ට පොඩි පොඩි දේවල් විඳින්න කාලේ නැති වෙලාවය වගේ දේවල්. හැබැයි ඔහොම අලුත් තාක්ෂණික උපාංග වලට ගොඩක් අය බැන්නට, අද කාලේ ස්මාට්ෆෝන් එකක් පාවිච්චි නොකරන මනුස්සයෙක්ව හොයා ගන්න අමාරුයි. නවීන තාක්ෂණේට බණින අයත් එව්වා පාවිච්චි කරනවා. ඉතින් අපි කියන්නේ ඔය නවීන තාක්ෂණික උපාංග ලඟ තිබුණට කමක් නැහැයි කියලා තමයි. හැබැයි ඒවා අපේ එදිනෙදා ජීවිතේට, අපේ සමාජයීය ජීවිතේට සහ අපේ ශරීර සෞඛ්‍යයට අහිතකර වෙන්න හොඳ නෑ. ඉතින් මේ ඕනම දෙයක් අපිට අහිතකර වෙන්නේ එක දෙයක් නිසා. ඒ තමයි ඇබ්බැහිය. ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැහැයි කියනවනේ. ඉතින් අපි මේ කියන්න යන්නේ අපි ගාව, අපේ ගෙදර දොරේ තියෙන්න වටින ඉලෙක්ට්‍රොනික උපාංග සහ, ඒවා හරියට කරදරයක් කරගන්නේ නැතුව පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන තමයි!

 

මේක තමයි අපේ කාලේ සෑහෙන්නම බැණුම් අහන ගැජට් එක. ඇත්තටම ස්මාට්ෆෝන් එක නිසා අපේ ජීවිත අප්සෙට් ගිහින්, චකබ්ලාස්ට් වෙලාද? මේකට උත්තරේ ටිකක් සංකීර්ණයි. මේ වෙනකොට ස්මාට්ෆෝන් එක කියන්නේ අපේ එදිනෙදා ජීවිතේ කොටසක් වෙලා. ස්මාට්ෆෝන් එක නිසා සන්නිවේදන කටයුතු වල ඉඳලා එදිනෙදා අපේ නොයෙකුත් වැඩ දක්වාම කොයිතරම් පහසු වෙලාද කියන එකත් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. උදාහරණයක් විදියට ගත්තොත්, බස් එකේ යන ගමන් ලේසියෙන්ම ලෝකේ තොරතුරු කියවන්න පුළුවන් ස්මාට්ෆෝන් එකේ තියෙන ලෝකේ ප්‍රධානතම ප්‍රවෘත්ති සේවාවල ඇප්ස් වලින්. හැබැයි විශේෂම දේ තමයි ස්මාට්ෆෝන් එකට ඇබ්බැහි නොවීම. ඒකට ඉතින් ස්වයං පාලනයක් තියෙන්න ඕන. උදාහරණයක් විදියට ගෙදර තමන්ගේ අයත් එක්ක ඉන්නකොට ස්මාට්ෆෝන් එක අතට නොගෙන සිටීම, යාලුවෝ හම්බුවෙන වෙලාවකදී ෆෝන් එක සයිලන්ට් කරලා තියන එක, රෑට නිදාගන්න කලින් ෆෝන් එක අතට නොගෙන සිටීම සහ ෆෝන් එක රෑට ඕෆ් කරලා තියන එක වගේ දේවල් කරන්න පුළුවන්.

 

මෙන්න දෙවෙනියට වැඩිපුරම බැණුම් අහන ජයග්‍රාහකයා. සමහරු ගෙදර ටීවී තියාගෙනත්, ටීවී එකට බණිනවා මෝඩ පෙට්ටිය කියලා. හැබැයි ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ ටීවී එකක් තියෙන එකේ නෙවෙයි. ටීවී එක ඉස්සරහට වෙලා චැනල් වලින් පෙන්නන දේවල් ඔහේ බලාගෙන ඉන්න පුරුදු වෙන එකේ. ඥාණවන්ත මනුස්සයෙක් නම් ඊට වඩා තෝරාගැනීමක් කරන්න දන්නවා. කොහොමත් ටීවී එකක් ගෙදර තියෙනවා නම් හොඳම දේ තමයි PEO TV හරි Dialog TV හරි වෙනත් ඒ වගේ කේබල්/චන්ද්‍රිකා රූපවාහිනී සේවයක් ලබාගන්න එක. කොහොමත් තව පොඩි කාලෙකින් පරණ තාලේ ඇන්ටෙනා වලට සමුදෙන්න සිද්ධ වෙනවනේ. ටීවී එක පාවිච්චි වෙන්න ඕන හැමදාම මෙගා ටෙලිනාට්‍ය බල බලා ඉන්න නෙවෙයි. වැදගත් දෙයක් බලන්න. එතකොට ඔය කේබල්/චන්ද්‍රිකා රූපවාහිනී සේවයකින් ලැබෙන චැනල් සීයකට අධික ප්‍රමාණයක් අතරේ තමන්ට හරවත් විනෝදාස්වාදයක්, ඉගෙනුමක් ලබාගන්න පුළුවන් අන්තර්ගතයන් ඕන තරම් තියෙනවා. ඉතින් තමන්ට හැකියාව තියෙන්න ඕන ඒවා තෝරගන්න සහ දවසේ පොඩි කාලයකට විතරක් රූපවාහිනිය ක්‍රියාත්මක කරන්න!

 

ස්මාට්වොච් කියන්නෙත් දැන් කාලේ සෑහෙන වේගයකින් ජනප්‍රිය වෙන ගැජට් එකක්. ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් ස්මාට්වොච් එකක් ගන්නේ ස්මාට්ෆෝන් එකත් එක්ක ක්‍රියාත්මක කරන්න පුළුවන් ගැජට් එකක් විදියට. ඇත්තටම ස්මාට්වොච් එකකට හෝ ෆිට්නස් ට්‍රැකර් එකකට තවම නරකක් කියන්න බැහැ. මොකද ඕක ඔබ ඔබා ඉන්නෙ නැහැනේ කවුරුවත් නිතර දෙවේලේ. ඒ නිසා මේ ගැජට් වලින් -විශේෂයෙන්ම ෆිට්නස් ට්‍රැකර් එකකින්- හොඳක් මිසක් නරකක් වෙනවා කියලා කියන්න බැහැ. හැබැයි ෆිට්නස් ට්‍රැකර් එකක් පාවිච්චි කරන්න ඕන ෆිට්නස් එක පවත්වා ගන්න මිසක් සෝබනේට නෙවෙයි. 

 

ගොඩක් අය පොත් පත් කියැවීමේ පුරුද්දෙන් අද සමාජේ ඈතට ගිහිල්ලා කියන එකට හේතු සාධක විදියට රූපවාහිනිය, ස්මාට්ෆෝන් එක පෙන්නන අතරේම, පොත් පත් වල ෂුවර්ම හතුරෙක් විදියට ඊ-බුක් රීඩර් උපාංග පෙන්නනවා. ඇත්තටම කිවුවොත් ඒකේ කිසිම ඇත්තක් නැහැ. නියම ඊ-බුක් රීඩර් එකක් පාවිච්චි කරන පොත් කියවන්නෙක් කවදාවත් සැබෑ පොත් වලින් ඈත් වෙන්නේ නැහැ. ඇත්තටම ඊ-බුක් රීඩර් එකකින් පොත් කියවන්නෙක්ට තියෙන ඵලප්‍රයෝජන ඉතා ඉහළයි. බොහොම පහසුවෙන් ඕන තැනක අරගෙන යන්න පුළුවන් වීම, ඊ-රීඩර් එක ඇතුළේ සම්පූර්ණ පුස්තකාලයක්ම පවත්වා ගන්න පුළුවන් වීම, පොතක් කියවනවා වගේම ඊ-ඉන්ක් ඩිස්ප්ලේ එකෙන් කියවන්න පුළුවන් වීම එතනින් විශේෂයි. ඉතින් ඊ-බුක් රීඩර් කියන්නේ පොත් කියවන්නෙක්ට බොහොම ඵල ප්‍රයෝජන තියෙන, බොරුවට බැණුම් අහන ගැජට් එකක් විදියට පෙන්නන්න පුළුවන්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here