ලැප්ටොප් එකක් ගන්න කලින් මේ දේවල් ගැනත් හිතන්න – Saru News Media

0
9

මිනිස්සුන්ට තමුන්​ගෙ වැඩ කරගෙන යන්න පරිගණකයක් ගන්න එක මේ වෙද්දි අත්‍යවශ්‍ය තත්ත්වයක්. ඒ වගේම මේ වැඩ වඩා ඉක්මනින් කරගන්න සහ තැනින් තැනට ගොස් කරන්න ලැප්ටොප් එකක් තිබීම මේ වෙද්දි තවත් ඉහළ අත්‍යවශ්‍යතාවයක් බවට පත්වෙලා ඉවරයි. මේ නිසා ලැප්ටොප් එකක් ගන්න යන අයටයි අද අපේ සටහන. ඒ ලැප්ටොප් එකක් ලංකාවේ කඩේකින් මිලදීගන්න පෙරාතුව හිතන්න ඕන දේවල් සම්බන්ධයෙනුයි. ඒවා නොහිතා යාළුවා ගත්තු එකම ගන්න ගියොත් ප්‍රශ්න ඇතිවෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.

 

ලැප්ටොප් එක අවශ්‍යතාවයට සරිලනවද කියන දේ බලන්න. සමහරුන්ට ලැප්​​ටොප් ඕන ඇඳේ ඇලවෙලා ෆිල්ම් බලන්න. ඒකට ගන්න ටැබ් එකක්. සමහරුන්ට ඕන ගේම් ගහන්න. ඒකට ගන්න ගේමිං පීසී එකක් හෝ ලැප්ටොප් එකක්. තවත් සමහරුන්ට ඕන ග්‍රැෆික් වැඩ කරන්න. ඒ වෙනුවෙන් අවශ්‍ය ස්පෙක්ස් තියෙනවද කියල ලැප්ටොප් එක ගනිද්දි බලන්න. සමහරුන්ට ඕන ඔෆිස් ඩොකියුමන්ට්ස් ඕපන් කරන්න විතරයි. ඒ නිසා ලොකු ඔප්ෂන්ස්වලට යන්නෙපා. ඕඩියෝ ජැක් තියෙනවද බලන්න. අවශ්‍ය පමණට යූඑස්බී තියෙනවද බලන්න. නැත්තං ග්‍රැෆික් ටැබ්ලට් එකක් ගහපු ගමන් යූඑස්බී ඉඩ ඉවර වෙයි.

 

ලැප්ටොප් එක ගන්න තැන ගැන හොයන්න. සාමාන්‍යයෙන් ෂේප් කඩයක් කවදාවත් තමන්ගෙ ෆේස්බුක් එකවුන්ට් එකක් නොහදා ඉන්නෙ නෑ. ඒ ෆේස්බුක් රිවීවුස් කියවන්න. තමුන්ගෙ අවශ්‍යතාවයට සරිලන සහ තමුන්ගෙ පොකට් එකට සරිලන ලැප්ටොප් එතන තියෙනවද කියලා හොයන්න. අලෙවියෙන් පසු සේවය ගැන හොයන්න. වොරන්ටි ක්ලේම් කරගන්න අමාරු වුනාද කියල හොයන්න. ලැප්ටොප් පාවිච්චි කරන, තාක්ෂණය ගැන දැනුමක් තියෙන අයගෙන් ගන්න හොඳම තැන අහන්න. පිටරටකින් ගෙන්නා ගන්නවානං ඒ ගැනත් හොයන්න. සිද්ධ වෙන්න පුළුවන් අවුල් ගැන හොයන්න.

 

මේ කියන්නෙ ලැප්ටොප් එකේ අමතර කොටස් ගැන. වාහනයක් ගනිද්දි වගේම අමතර කොටස් ගැන හිතන්න වෙන තැනක් තමයි ලැප්ටොප් ගන්නකොටත් තියෙන්නෙ. ඒ ඇයි ?​කොච්චර බ්‍රෑන්ඩ් නිවු ලැප්ටොප් එකක් ගත්තත් හදිස්සි අනතුරු, පාවිච්චි කරන ඔබේ නොසැලකිල්ල වගේ හේතු නිසා අලුත්වැඩියාවක් එන්න ඉඩ තියෙනවා. එහෙම ආවොත් දරන්න වෙන වියදම වගේම ලේසියෙන් පාට්ස් හොයාගන්න පුළුවන්ද කියන එක ගැන ඔබ සිතිය යුතුමයි. ලැප්ටොප් කැඩුනම “සොරි සර් අපේ වැරැද්ද” කියල හදල දෙන්න මේක නිවුයෝක් නෙමෙයිනෙ. එනිසා ලැප්ටොප් පාට්ස්වල මිල සහ අවේලබිලිටිය ගැන සෙවිය යුතුමයි.

 

ඒ ඒ තාලෙට ඒ ඒ ජෙනරේෂන් එකට ගැලපෙන්න අවශ්‍ය කරන මෘදුකාංග (කුරුල්ලො හැප්පෙන ඒවා නෙමෙයි) දාගන්න වග බලාගන්න. ලැප්ටොප් එක ගන්නකොටම ඔපරේටිං සිස්ටම් එකක් දාලා දෙනවනෙ. දැන් ඔයා ලැප්ටොප් එක ගන්න ගියාම මොකද්ද ඕන ඔපරේටිං සිස්ටම් එක කියල ඇහුවොත් අලුත්ම එක නිසා මුලින්ම වින්ඩෝස් 10 කියල කියන්නෙපා. මුලින්ම බලන්න ඒක ඔයාගෙ ලැප්ටොප් එකේ ජෙනරේෂන් එකට සපෝට් කරනවද කියල. එහෙම නැත්තං ඩ්‍රයිවර්ස් වැඩ කරන්නෙ නැතුව යයි. ඊටපස්සෙ වයිෆයි කනෙක්ට් කරගන්න බැරි වෙයි. ඒ වගේම ෆොටෝෂොප් අලුත්ම වර්ෂන් එක නොදා තමුන්ගෙ මැෂින් එකට සරිලන වර්ෂන් එකක් දාගන්න. මේවා ලැප්ටොප් එක ගන්න යන්න කලින් තීරණය කරලා යන්න.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here