අනාගතය ගැන හිතලා ක්‍රියාත්මක වෙන (proactive) මනුස්සයෙක් වෙන්නේ මෙහෙමයි! – පළමුවන කොටස – Saru News Media

0
4

ඔය මැනේජ්මන්ට් ට්‍රේනින් වලදී එහෙම දැන් කාලේ සෑහෙන කියවෙන වචනයක් තමයි proactive කියන්නේ. විශේෂයෙන්ම දැන් කාලේ ජොබ් එකක් කරනකොට, proactive වෙන්න කියලා හැමෝටම උපදෙස් ලැබෙනවා. හැබැයි ඇත්තටම මොකක්ද මේ proactive වෙනවා කියන්නේ? සරලවම කියන්න පුලුවන් අනාගතයේ වෙන්න තියෙන දේවල්, ඒ කියන්නේ අනාගත ගැටළු, අනාගතයේ වෙන්න පුලුවන් වෙනස්කම් සහ අනාගතයේදී ඇතිවෙන්න පුලුවන් අවශ්‍යතා ගැන එහෙම හිතලා, ඒ දේවල් සිද්ධ වෙන්න කලින්ම ඒවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න, සැලසුම් හදලා තියන්න හැකියාවක් තිබීම කියලා. සරලව උදාහරණ වලින් අපි මේක ගැන හිතමු. ඔන්න අපිට එක්සෑම් එකක් තව මාස පහකින් නම් තියෙන්නේ, ඒකට සූදානම් වෙන්න අන්තිම මාසය වෙනකල් ඉන්නවා කියමු. එතකොට අපිට තේරෙනවා, මාස දෙකක් හෝ තියලා පාඩම් කරන්න පටන් ගත්තා නම් මේ එක්සෑම් එක ටොයිස් කියලා. හැබැයි දැන් පරක්කු වැඩියි. එතකොට proactive මනුස්සයෙක් කරන්නේ, අඩු තරමින් මාස හතරක් තියලා පාඩම් කරන්න පටන් ගන්න එක. එතකොට ඒ දැනුම ආයෙ රිවීව් කරලා බලන්න මාස දෙකක් වැඩිපුරත් තියෙනවා. තව උදාහරණයක් ගමු. ඔන්න අපි ඔෆිස් යනවා. හරියට ගත්තොත් ගෙදර ඉඳන් ඔෆිස් එකට යන්න ගතවෙන්නේ පැයයි. හැබැයි හරියට පැයක් තියලා ගෙදරින් එන එක proactive නෑ. මොකද නොහිතන විදියේ ට්‍රැෆික් එකක් සෙට් වෙන්න පුලුවන්. දෙයක් අමතක වෙලා ආයෙ ගෙදර එන්න සිද්ධ වෙන්න පුලුවන්. යන වාහනේ කැඩෙන්න පුලුවන්. අන්න ඒ නිසා ඇත්තටම proactive මනුස්සයෙක් කරන්නේ ඔෆිස් වෙලාවට පැය එකහමාරක්වත් තියලා ගෙදරින් එන එක.

 

ආන්න ඒ උදාහරණ වලිනුත් පෙන්නන ආකාරයට, proactive විදියට වැඩ කරන්න පුලුවන් මනසක්, හුරුවක් ඇති කරගමුද? ආන්න ඒකටයි  මේ උපදෙස්!

 

How to be proactive

ඇත්තටම තමන්ගේ සතිය සහ දවස සැලසුම් කිරීම ගැන අපි මීට පෙර බොහෝමයක් අවස්ථාවලදී කියලා තියෙනවා. කෙනෙක්ට proactive මනුස්සයෙක් වෙන්න පහසුවෙන්ම කරන්න පුලුවන් දෙයක් තමයි මේ. නිදසුනක් විදියට ගත්තොත්, අපිට මේ සැලසුම් කිරීම සඳහා මුලින්ම කරන්න ඕන වැඩ, ඉෂ්ට වෙන්න තියෙන වගකීම් ඇතුළත් ලැයිස්තුවක් සකස් කරන්න පුලුවන්. ඊට පස්සේ ඒවා ප්‍රමුඛතාවයන් අනුව බෙදාගෙන, ඉන් පස්සේ ටු-ඩූ-ලිස්ට් එකකට ඇතුළත් කරගන්න පුලුවන්. ඒ වගේම අවශ්‍ය සිහිකැඳවීම් අපේ කැලැන්ඩරේට ඇතුළත් කරගන්නත් පුලුවන්. ඒ වගේම මතක තියාගන්න. මේ ටු-ඩූ-ලිස්ට් සහ සිහිකැඳවීම් වලට අපිට තාක්ෂණය පාවිච්චි කරන්න පුලුවන්.

 

මේ දවස සහ සතිය සැලසුම් කිරීම කියන එක ටිකක් පුහුණු වුණහම, ඒක මාසය සහ අවුරුද්ද දක්වාත් දීර්ඝ කරන්න පුලුවන්. එතකොට අපිට තියෙන්නේ ගෝල්ස් නැතිනම් ඉලක්ක. SMART goals කියන්න පුලුවන්. ඒ කියන්නේ specific, measurable, attainable, relevant, සහ timely කියන එක. මේ ගැන අපි කලින් කතා කරලා තියෙනවා.

 

How to be proactive

අපිට වෘත්තිය ජීවිතේදී වේවා, ඇකඩමික් ජීවිතේදී වේවා විවිධ මිනිස්සු මුණගැහෙන්න සිද්ධ වෙනවනේ. සමහර වෙලාවට සම්මුඛ සාකච්ඡාවකට වෙන්න පුලුවන්. වෘත්තිය මට්ටමේ හමුවීමක් වෙන්න පුලුවන්, රැකියා  සම්මුඛ සාකච්ඡාවක් වෙන්න පුලුවන්. එහෙම නැතිනම් සුහදව කෙනෙක්ව මුණගැහීමක් වෙන්නත් පුලුවන්. හැබැයි මේ මොන විදියේ මුණගැහීමක් වුණත්, ඊට කලින් තමන්ට පුලුවන් නම් ඒ කෙනා ගැන, ඒ කෙනාගේ වැඩ කටයුතු ගැන, ඒ කෙනාගේ වෘත්තිය ජීවිතය ගැන, ඒ කෙනා වැඩ කරන තැන ගැන පොඩි රිසර්ච් එකක් කරලා, කරුණු එකතු කරගෙන යන්න, ආන්න ඒක රන් වටිනවා. සරල උදාහරණයක් ගමු. ඔන්න අපි රැකියාවක් සඳහා සම්මුඛ සාකච්ඡාවකට යනවා. එතකොට, අපි ඒ සමාගම ගැන සෑහෙන්න දුරට කරුණු කලින් දැනගෙන යන්නේ. දැන් සම්මුඛ සාකච්ඡාව අතරතුරේදී යම් යම් කරුණු විග්‍රහ කරලා පෙන්නන්න අපි ඒ දැනුම උපයෝගී කරගන්නවා. ආන්න එතකොට, අපිට ඒ රස්සාව ලැබෙන්න වැඩි චාන්ස් එකක් නැද්ද? තව උදාහරණයක්. අපි කවුරුහරි වෘත්තිය ජීවිතේ අපිට ඉහළින් ඉන්න කෙනෙක්ව සුහද හමුවකට මුණගැහෙනවා. එතකොට අපි ඒ කෙනා කරන වැඩකටයුතු, ඒ කෙනා කරන සුබසාධන කටයුතු විතරක් නෙවෙයි, ඒ කෙනා ගොඩක් දුරට විනෝදයට කරන කියන දේවලුත් දැනගෙන යනවා. දැන් ඒ කතාබහ වඩාත් පුද්ගලික මට්ටමකින් කරන්න ඒ දැනුම උදව් වෙන්නෙ නැද්ද? සමහර වෙලාවට ඒ කෙනා එක්ක හොඳ වෘත්තිමය සබඳතාවයක් පවා ඒ ඔස්සේ ගොඩනැගෙන්නේ නැද්ද?

 

How to be proactive

ඒ විශේෂයෙන්ම වෘත්තිකයෙක්ට proactive වෙන්න තියෙන අනර්ඝ අවස්ථාවක්. අපි කියමු නිකම් සතියකට වතාවක් තියෙන ටීම් මීටින් එකක් කියලා. ඒකට මොකටද අමුතුවෙන් සූදානම් වෙන්නේ? එහෙම නේද ගොඩක් වෙලාවට හිතන්නේ? හැබැයි ඇත්තටම ටීම් මීටින් එකක් තියන්නේ මොකටද? සතියේ කෙරුණු වැඩ සමාලෝචනය කරලා, අඩුපාඩු සකසා ගන්නේ කොහොමද කියලා කතා කරලා, ඊලඟ සතිය සැලසුම් කරගන්න නෙවෙයිද? එතකොට අපි ඒ මීටින් එකට කලින්ම, පුද්ගලිකව සතියේ වැඩ සමාලෝචනයක් කරලා, ඒ එක්ක අපිට තියෙන අදහස් ලියාගෙන ගියොත්, ඒ ටීම් මීටින් එක වඩාත් ඵලදායී වෙන්නෙ නැද්ද? මේ එක උදාහරණයක් විතරයි. නිකම්ම බෝරින්, තේරුමකට නැති, තමන්ට අදාළත්වයකුත් නැති, ඇණ මීටින් එකක් කියලා හිතන එකකට පවා මේ විදියට කලින් සූදානම් වෙලා යන්න. අන්න එතකොට තේරෙන්න පටන් ගන්නවා proactive වෙන එක කොයි තරම් තමන්ගේ ජීවිතේට, වෘත්තිය සාර්ථකත්වයට වැදගත්ද කියලා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here