අනියම් සැමියා නිවස ගිනිතබා විනාශ කරයි.. බිරිද සහ දරුවන් තිදෙනා ඇදවතින් කුසගින්නේ..

0
6

හැටන් පොලිස් වසමට අයත් ස්තැඩන් වතුයායට අයත් කුයිල්වත්තේ තම දරුවන් තිදෙනා සමග වසර 1 ½ පමණ කාලයක් පදිංචිව සිටි නිවස දරුවන් තිදෙනාගේ පියා විසින් ගිනි තබා විනාශ කර ඇති බවට දරුවන්ගේ මව විසින් හැටන් පොලිසියට පැමිණිලි කර ඇත.

තම සැමියා සමග ඇති වු ආරවුලක් නිසා නිවසින් බැහැරව වි එම වතුයායේම හිතවතෙකුගේ නිවසක රැදි සිටියදි ඉකුත් (03) දින අලුයම නිවස ගිනි තබා විනාශ කර ඇති බවයි දරුවන් තිදෙනාගේ මව වන එම්.අචලා කුමාරි සිල්වා (44) හැවිරිදි කාන්තාව කියා සිටියි.

තමන් නිතියානුකුලව විවාහ වි නොමැති බවත්, තමන්ව විවාහ කර ගන්නා බවට පොරොන්දු වි අවු 15 ක් තිස්සේ තමන් සමග අනියම් ලෙස සිටි බවත්, ඔහුට දාව දියණියන් දෙදෙනෙකු සහ එක් පුතෙකු සිටින බවයි ඇය කියා සිටියේ.

වැඩිමහල් දියණියට අවු 14 ක් වන අතර , දෙවන පුතාට අවු 10 ක් සහ බාල දියණියට අවු 08 වන බවත්, දරුවන් තිදෙනාම හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වටවල දමිල මහා විද්‍යාලයේ 08 , 05 සහ 03 යන ශ්‍රේණි වල අධ්‍යාපනය ලබමින් සිටින බවයි අචලා කුමාරි කියා සිටියේ.

තම අනියම් සැමියා අවු 1 ½ ආසන්න කාලයක් තමන්ට සහ දරුවන් තිදෙනාට කිසිදු උපකාරයක් සිදු නොකරන බවත්, ඔහු එම වතුයායේම පදිංචි කාන්තාවක් සමග නිතියානුකුලව විවාහ වි එම කාන්තාවට දරුවන් සිව්දෙනෙකු සිටින බවද එම කාන්තාව පැවසිය.

තමන් පදිංචිව සිටි නිවසේ තමන්ගේ සහ දරුවන් තිදෙනාගේ ඇදුම් පැළදුම් , පාසල් පෙලපොත් , නිල ඇදුම් , පාසල් උපකරණ සහ නිවස ගෘහ භාණ්ඩ ඇතුළු සියළුම භාණ්ඩ ගිනිගෙන විනාශ වි ඇති බවත්, තමන්ට දැනට ඉතිරිව ඇත්තේ ඇදිවත පමණක් බවයි පිඩාවට පත් දරුවන් තිදෙනාගේ මව කියා සිටියේ.

තමන් දිනපතා ගම්පොල ප්‍රදේශයේ නිවසක ගෘහ සේවයට ගොස් රු දහසක වැටුපකට සේවය කරන බවත්, එම අදායමෙන් තමන් සහ දරුවන් තිදෙනා වසර 1 ½ තිස්සේ ජිවත් වන බවත්, එම වැටුපෙන් දරුවන් තිදෙනාගේ අධ්‍යාපනයට මුදල් වැය කල බවයි අචලා කුමාරි කියා සිටින්නේ.

නිවස ගිනි තැබිමෙන් අනතුරුව දරුවන් තිදෙනා බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි හිතවතෙකුගේ නිවසේ තාවකාලිකව නතර කර ඇති බවත්, පවත්නා තත්ත්වය මත තමන්ට ඉන්න හිටින්නට නිවසක් හෝ ළමුන් තිදෙනා පාසල් යැවිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි ඇය පවසන්නේ.

තවදුරටත් දරුවන් තිදෙනාගේ පියා විසින් ඉදි කර ගිනිතබා විනාශ කල නිවසේ පදිංචි විය නොහැකි බවත්, එම වතුයායෙන් තමන්ට සහ දරුවන් තිදෙනාට පිටුවහල් වන ලෙස දරුවන්ගේ පියා විසින් තර්ජනය කර ඇති බවද ඇය පවසයි.

තම දරුවන් තිදෙනා පාසල් යැවිමට සහ තම පවුල පත් වි ඇති පිඩාවෙන් මුදා ගැනිමට කිසියම් කෙනෙකු වේ නම් තමන්ට උපකාර කරන ලෙසයි අචලා කුමාරි හැඩු කදුලෙන් කියා සිටියේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here