අලුතෙන් සයන්ස් ෆික්ෂන් ටීවී සීරීස් හොයන අයට නියම තෝරාගැනීම් 8ක්! – Saru News Media

0
6

දැන් හැමෝම ටීවී සීරීස් බලනවනේ. හැබැයි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි හොඳ ටීවී සීරීස් කොහොමද හොයාගන්නේ කියලා. ඒකත් ගොඩක් දෙනෙක් කැමති ෂානරයන් තියෙනවනේ. කෙනෙක් මිස්ටරි ටීවී සීරීස් එකකට කැමති වෙනකොට තවත් කෙනෙක් කැමති ඩ්‍රාමා ටයිප්. එතකොට කෙනෙක් ඇක්ෂන් ටීවී සීරීස් එකක් හොයනකොට තව කෙනෙක් හොයන්නේ සයන්ස් ෆික්ෂන්. ආන්න ඒ නිසා අපි හිතුවා ඒ හැම ජාතියේම අය වෙනුවෙන් ජනප්‍රියම ටීවී සීරීස් කීපයක් අරගෙන එන්න. පටන් ගැන්මට ඔන්න තියෙනවා සයන්ස් ෆික්ෂන් ටීවී සීරීස් කීපයක්. මේ සමහර ටීවී සීරීස් මේ අවුරුද්දේ ආරම්භ වුණු ඒවා. තවත් ටීවී සීරීස් මේ අවුරුද්දට කලින් ආරම්භ වෙලා, මේ අවුරුද්දේත් දිගටම විකාශය වෙන ඒවා.

 

මේ ටීවී සීරීස් එකේ කථා කරන අනාගතය වෙනකොට මිනිසා මරණය ජය අරගෙන. ඒ කියන්නේ මිනිස්සු හොයාගෙන තියෙනවා තමන්ගේ හැඟීම්, මතකයන්, දැනුම වගේ තමන් කියන කෙනාව නිර්වචනය කෙරෙනා “හරය” මතක චිපයක ගබඩා කරලා ශරීරයේ තැන්පත් කරන ක්‍රමය. එතකොට කෙනෙක්ගේ ශරීරය මියගියහම ඒ කෙනාට පුළුවන් තමන්ව තවත් ශරීරයකට මාරු කරන්න. ඒ කියන්නේ මේ ක්‍රමයට අමරණීය වෙන්න පුළුවන්.

කොහොම වුනත් මේ අමරණීයයන්ගේ ලෝකේ අති දැවැන්ත ධනපතියෙකු එක් ශරීරයකදී මියයනවා. ඒ නිසා ඔහු තෝරාගන්නවා සිරගතව සිටි අතිදක්ෂ විශේෂ සොල්දාදුවෙකුව තමන්ගේ ඒ ශරීරයේ මරණයට වගකිවයුත්තා හොයන්න. කොහොම වුනත් මේ සොල්දාදුවාට සොයාගන්න ලැබෙන්නේ එක් රහසක් පමණක් නෙවෙයි. මේ අනාගත ලෝකය සම්බන්ධයෙන් වගේම තමන් සම්බන්ධයෙනුත් වැළලිලා තිබුණු රහස් රැසක් ක්‍රමයෙන් අනාවරණය වෙන්නේ ප්‍රේක්ෂකයාව මවිතයෙන් මවිතයට පත් කරවමින්.

IMDB Rating:  8.2

https://www.youtube.com/watch?v=dhFM8akm9a4

 

මිනිස්සුන්ට තමන්ගේ ෆැන්ටසීන් තියෙනවා. හැබැයි ඒ ෆැන්ටසීන් හැම එකක්ම සාක්ෂාත් කරගන්න බැහැයි කියන එක අමුතුවෙන් කියන්න වුවමනා නැහැනේ. හේතුව ඒ ඇතැම් ෆැන්ටසීන් නීතිවිරෝධී වීම හෝ සදාචාර විරෝධී වීම වෙන්න පුලුවන්. ඒත් නීතිය හෝ සදාචාරය හෝ වෙනයම් සීමාවක් නොකඩා, තමන්ගේ ඒ ෆැන්ටසීන් තෘප්තිමත් කරගන්න හැකියාවක් මිනිස්සුන්ට ලැබුණොත්?

වෙස්ට් වර්ල්ඩ් ටීවී සීරීස් එකේ කථා කරන්නේ අන්න ඒ වගේ තමන්ගේ ඕනෑම ෆැන්ටසියක් මුදල් ගෙවා මුදුන්පමුණුවා ගන්න ඉඩ ලබාදෙන තීම් පාක් එකක් ගැන. අර පැරණි wild wild west ඇමරිකාවේ ආකෘතියට නිර්මාණය වුණු මේ තීම් පාක් එකේ ඉන්නේ මිනිස්සුන්ට හැඩහුරුකම් හැම අතින්ම සමාන, හිතන්න පතන්න යම් හැකියාවක් තියෙන ඇන්ඩ්‍රොයිඩයන්.

හැබැයි මේ ඇන්ඩ්‍රොයිඩයන් ඇත්තටම මිනිසුන් හා සමානව හැඟීම් දැනීම් දැනෙන බවට, සිතුම් පැතුම් පවතින බවට පත්වුණොත් තවදුරටත් ඔවුන් තීම් පාක් එකක නොවැදගත් වස්තූන් වෙන එක සදාචාරවත්ද?

IMDB Rating:  8.9

 

වසර දෙසියයකට පසු අනාගතයේ සෞර ග්‍රහ මණ්ඩලය සම්පූර්ණයෙන්ම ජනාවාස වී ඇත. ඇස්ටරොයිඩ පටියේද මෙම ජනාවාසයන් තිබේ. තිබේ. මෙහි සිටිනා පොලිස් පරීක්ෂකවරයෙකුට පැවරෙන රාජකාරිය වන්නේ අතුරුදන් වූ කාන්තාවක සොයාදීමයි. මේ අතර අයිස් ගෙනයන අභ්‍යවකාශ යානයකට හදිසි ප්‍රහාරයක් එල්ල වේ. එය අඟහරු ෆෙඩරේෂනයෙන් එල්ලවූ බව සැලකේ. මෙම සියලුම සිදුවීම් එකිනෙකට සම්බන්ධ බවට ප්‍රේක්ෂකයා තුළ සැක පහළ වන අතරේ, අඟහරු ෆෙඩරේෂනය, පෘථිවිය සහ ඇස්ටරොයිඩ කලාපීය ජනාවාසයන් අතර නොපහන් හැඟීම් දරුණු වන්නට පටන් ගනී. සැබවින්ම මෙම එකිනෙකට වෙනස් සිදුවීම් එක් තැන් වන කුමන්ත්‍රණය මගින් සමස්ත මානව සංහතියටම තර්ජනයක් එල්ලනොවනු ඇතිද?

මේ, කාලයකට පසු පැමිණි විශිෂ්ට අභ්‍යවකාශ වීර වෘතාන්තයකි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here