2019 අවුරුද්දෙ වෙළඳපොලට එනකං බොහෝදෙනෙක් බලන් ඉන්න ස්මාට්ෆෝන් 7ක් – Saru News Media

0
6

2018 අවුරුද්ද කියන්නෙ ස්මාට්ෆෝන්වල තිරයේ, බැටරියේ, කැමරාවේ, පෙනුමේ සහ නිමාවේ සුවිශේෂ වෙනස්කම් සිද්ධ වෙච්ච වසරක්. මේ වෙනස්කම්වලට තවත් අලුත් වෙනස්කම් රැසක් එක්ක මේ අඩිය තියල තියෙන්නෙ 2019ට. 2019 අවුරුද්දෙදි 2018 වසරේ හොඳ වැඩ වගේම, තාමත් හොඳද නරකද කියලා නොදන්න අලුත් වැඩ රැසක් ස්මාට්ෆෝන්වලට පැමිණෙන්නට නියමිතයි. මේ සටහන තුළ තියෙන්නෙ අන්න ඒ විදියට අවධානය වැඩි වශයෙන්ම දිනාගත්තු ස්මාට්ෆෝන් කිහිපයක් පිළිබඳවයි.

 

අට වැනි ගැලැක්සිය තරමටම අවධානයක් දිනාගන්නට නම වැනි ගැලැක්සියට නොහැකි වුනත්, නම වැනි ගැලැක්සියට වඩා අවධානයක් නිකුත් වන්නටත් පෙරාතුව දිනාගන්නට සැම්සන්ග් සමාගම පෙබරවාරියේ 20 වැනිදා නිකුත් කිරීමට නියමිත දහවැනි ගැලැක්සියට හැකියාව ලැබී තිබෙනවා. එයට ප්‍රධානම හේතුවක් වන්නේ තිරයේම රවුමක ඉඩ වෙන්වන පින්ච් හෝල් ස්ක්‍රීන් කැමරාවයි. නොච් නොදමමියැයි තිර මතයක සිටි සැම්සන්ග් සමාගම නොච් මගහැර පින්ච්හෝල් මාර්ගයට බටුයේ ප්‍රතිවාදී කටක් කෑ ඇපල් ගෙඩියට ඔලොක්කුවට මෙනි. කෙසේ වුවත් දහවැනි ගැලැක්සිය යටතේ සාම්ප්‍රදායික දහය (අඟල් 6.1ක තිරයක්) හැරෙන්නට ප්‍රමාණයෙන් තරමක් විශාල 10+(අඟල් 6.4ක තිරයක්) සහ ප්‍රමාණයෙන් තරමක් කුඩා 10 ලයිට් (අඟල් 5.8ක තිරයක්) යනුවෙන් අමත​ර උපාංග දෙකක් නිකුත් වණු ඇත. මෙම නිෂ්පාද​න අලුත්ම ස්නැප්ඩ්‍රැගන් 855 ප්‍රොසෙසරයක පහස ලබන්නටත් ඉඩ ඇත. 10+ වෙනුවෙන් පමණක් ඉදිරිපසට කැමරා දෙකක් එකතු වණු ඇත.

බෝනස් කතාව – මේක ඕපදූපයක් පමණයි. මේ ෆෝන් තුන වෙළඳපොළට දැමූ පසු සැම්සන්ග් සමාගම ලොකු වැඩකට අත ගහන්නලු සූදානම. ඒ 5G ෆෝන් එකක් වෙළඳපොලට යොමු කරන්නටයි. Beyond X නමින් එන මේ උපාංග ඉදිරිපසට සහ පසුපසට කැමරා 3 බැගින් කැමරා හයක පද්ධතියක් සහිත අඟල් 6.7ක ලොකු ස්මාට්ෆෝන් එකක්. මේ ගැන කියන්නෙ වෝල්ස්ට්‍රීට් ජර්නලයේ නිසා තරමක් විශ්වාස කරන්නත් පුළුවන්.

 

iPhone XS කියන්නෙ ඇපල් සමාගමට සැළකිය යුතු ලාභ බිඳීමක් වගේම ඇපල් ලෝලීන්ටත් සැළකිය යුතු බලාපොරොත්තු බිඳීමක්. ඒ අවුල් සියල්ල මගහරවන්නට ඇපල් සමාගම කවදත් වැඩි අවධානයක් යොමු කරන කැමරාවටම මේ වසරේදිත් වැඩි අවධානයක් දෙතැයි බොහෝදෙනෙකු විශ්වාස කරනවා. ඒ වගේම ඇපල් පැන්සල් සහයෝගයත් මේ උපාංගවලට ලබාදෙන බවට කටකතා දැනටමත් පළවෙලා තියෙනවා. මෙවරත් පසුගිය 2018 වස​රේ වගේම උපාංග ත්‍රිත්වයක් ලෙසින් ඇපල් ස්මාට්ෆෝන එළිදැක්වෙණු ඇති. ස්මාට්ෆෝන් ත්‍රිත්වයටම OLED තිර පැනල යොදන්නට ඉඩ ඇති මුත් ලාබදායීම ස්මාට්ෆෝනයෙන් 3D Touch ඉවත් කරණු ඇතැයි පැවසේ. ඇපල් උපාංග නිකුත් වීම සිදුවන්නේ ඔක්තෝබරය ආසන්නයේ නිසා දැන්ම තියා කටකතා පැතිරවීම බොහෝවිට අසත්‍ය තොරතුරක් වන්නටත් ඉඩ තිබෙන බවට සිහි තබාගත යුතුයි. එසේවුවත් මෙම සියළු කාරණා වාර්තා කළ පුවත් ප්‍රවාහ සියල්ල පාහේ කලක් තිස්සේම ඇපල් සමාගමේ නිෂ්පාදන පිළිබඳ නිවැරදි තොරතුරු මුලින්ම ලබාදුන් ඒවා බවත් සිහිපත් කළ යුතුමයි.

 

Xperia XZ2 සාර්ථකත්වය එලෙසින්ම 2018 වසරේදී Xperia XZ3 වෙත ගෙන එන්නට සෝනි සමාගමට හැකි වුනා. එය Xperia XZ4 සමගිනුත් ඒ අයුරින්ම ඉහළ නංවාගන්නට ඔවුන් උත්සාහ කරණු ඇතැයි යන්න මෙම ෆ්ලෑග්ෂිප් උපාංගය පිළිබඳ දක්වන අදහස් අතරේ කැපී පෙනෙනවා. Xperia XZ3ට වඩා පරිශීලකයාට හුරු සහ පහසු නිමැවුමක් සෝනි සමාගමෙන් Xperia XZ4 හරහා ගෙන එනු ඇතැයි පැවසෙන අතර, වඩා උසැති උපාංගයක් වණු ඇති බවත් සඳහන්. Qualcomm Snapdragon 855 ප්‍රොසෙසරයක්, අඟල් 6.5 තිරයක්, Xperia XZ3ටත් වඩා විශිෂ්ට තිරයක්, සහිතව නිකුත් කරණු ඇතියි සඳහන් කරන මෙම උපාංගයේ මිලද වෙළඳපොලේ ෆ්ලෑග්ෂිප් ස්මාට්ෆෝනයකට සාපේක්ෂව බලන කළ තරමක් අඩුවෙන් නිකුත් කරනු ඇතැයි සිතිය හැකිය. ඒ වගේම මෙහි නිල දැනුම්දීම පෙබරවාරියේදී සිදුකරණු ඇතැයිද අනාවැකි පළකරයි.

 

පහුගිය අවුරුද්දෙ සැම්සන්ග් සමාගමේ නව නිෂ්පාදන හඳුන්වා දෙන අතරේ විශේෂ සිදුවීමක් වුණා. ඔවුන්ගේ වේදිකාවේ තිරය අඳුරු කරලා නව නිෂ්පාදනයක පූර්ව වතගොත සැම්සන්ග් සමාගම එළිදැක්වුවා. ඒ තිරය නැවිය හැකි ස්මාට්ෆෝනයක්. එවැනි වූ නැවිය හැකි තිරයකට අදාළ ඇන්ඩ්‍රොයිඩ් පහසුකම් ගූග්ල් සමාගම විසින් ඒ වසරේදීම හඳුන්වා දුන්නා. සාමාන්‍යයෙන් තිරයට වෙනසක් සිදුකළ හැකි ප්‍රධානතම සමාගම විදියට සැලකෙන්නේ සැම්සන්ග් සමාගමයි. ඒ ඔවුන් ඇපල් සමාගමේ ඇතුළු බොහෝමයක් ස්මාට්ෆෝන්වල තිරය නිපදවන සමාගම වන නිසායි. ඒ නිසාම 2019 වසරේ නිකුත් වන තුරු සැම්සන්ග් ලෝලීන් බලා සිටින එකම උපාංගය ලෙස දහවැනි ගැලැක්සිය පත් වෙන්නේ නැහැ. මෙම ෆෝල්ඩබල් ස්මාට්ෆෝන​ය “Galaxy X” හෝ “Galaxy F” ලෙසින් නම් කරාවි කියලයි සඳහන් වෙන්නෙ. මෙහි පළමු දැක්ම දසවැනි ගැලැක්සිය නිකුත් කරද්දීම ඒ අතරතුර එළිදක්වතැයි සඳහන් වෙනවා. නමුත් මිල ගණන් නම් රුපියල් ලක්ෂ තුනකටවත් ආසන්න වණු ඇති බවයි පැවසෙන්නේ.

 

ෆ්ලෑග්ෂිප් උපාංගයකට යෙදූ සර්ව සාධාරණ මිල. ටියර් ඩ්‍රොප් නොච් එක සහිත තිරය නිසා තිරයේ වැඩි ඉඩක් භාවිතා කිරීම, ආරම්භක මුදලටම ලැබුණු ඉහළ මතක ධාරිතාවය, වැඩි ජවයක් සහිත බැටරිය සහ රැම් එක, තරගකාරී කැමරාව වැනි සියළු ලක්ෂණ නිසාම 2018 වසරේ විශිෂ්ටතම ස්මාට්ෆෝනය විදියට බොහෝදෙනෙකු තේරුවේ වන්ප්ලස් සමාගම නිකුත් කළ OnePlus 6T උපාංගයයි. කොහොමින් කොහොම වුනත් පවත්වාගත් සාර්ථකත්වය තවතවත් වැඩි කරගැනීමේ අභිලාෂයෙන් නිකුත් වෙන නව OnePlus 7 උපාංගයද මේ වසරේ වඩා තරගකාරී ලෙසින් නිමවණු ඇති. පළමු කාරණය වන්නේ මෙම උපාංගයටද දස වැනි ගැලැක්සියට මෙන් පින්හෝල් ෆ්‍රන්ට් ෆේසින් කැමරාවක් සම්බන්ධවණු ඇති බවයි. එය සනාථ කරන්නේ වන්ප්ලස් ප්‍රධාන විධායක නිලධාරියාද සිටින ඡායාරූපයක් ට්විටරය හරහා නිකුත් වීමත් සමගින්. 1080p display එකක් සහ Snapdragon 855 ප්‍රොසෙසරයක් සමග මාර්තු/අප්‍රේල් ආසන්නයේ මෙම නව ස්මාට්ෆෝනය නිකුත් කරණු ඇතැයි සිතිය හැකියි. ඒ OnePlus 7T වසර අග ඔක්තෝබරයේ නිකුත් කරන්නට ඇති නිසායි. වන්ප්ලස් සමාගමද 5G උපාංගයක් නිකුත් කරන බවට ප්‍රකාශ සිදුවන අතර, එය මෙම ස්මාට්ෆෝන් පෙළෙන් විතැන්ව තරමක් ඉහළ මිලකට, වෙනම හඳුන්වාදීමේ සංඛේතයක් යටතේ නිකුත් කරණු ඇත.

 

ස්මාට්ෆෝන් කියන දේ එන්න පෙරාතුව ෆෝන් ලොවේ වීරයා වුණු නොකියා සමාගම නැවතත් කරළියට බැස ඇති බව පසුගිය වසර දෙක තුළ අතරින් පතර දකින්නට හැකි වුනා. එනිසාම ගිලිහෙමින් තිබුණු නොකියා ලෝලීත්වය නැවතත් ඔවුන් වෙත ලැබෙන්නට පටන්ගෙන තිබෙනවා. ජනවාරිය අගදී නිකුත් කරණු ඇතැයි පැවසෙන මෙම උපාංගය ගැන වැඩිම කතාබහ ඇතිවන්නේ එහි පසුපස ඇතැයි පැවසෙන කැමරා පහ පද්ධතිය නිසායි. ඒ ගැන සඳහන් වීමත් සමගම බොහෝදෙනෙකු පවසන්නේ නොකියා සන්නාමය නැවතත් පැරණි සොඳුරු කාලයට පියනගන්නට දරන ප්‍රථම පියවර එය වණු ඇති බවයි. නමුත් එම පියවර පස්සට අදින්නට හේතුවිය හැකි කාරණා වන්නේ කැමරා පද්ධතිය නිසා උපාංගයේ මිල වැඩිවීමත්, උපාංගය වසරේ මුල නිකුත් වීම නිසා එයට Qualcomm Snapdragon 855 නොව Qualcomm Snapdragon 845 ප්‍රොසෙසරයක් යෙදීමත්ය. නමුත් මෙම කැමරා පද්ධතිය සමග ලබන ගැම්ම නොකියා වෙත සාර්ථක ගමනක් හිමි කරදීමට බොහෝමත්ම ඉඩ ඇත.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here