අවුරුදු දෙකකට පස්සෙ බොලිවුඩයේ, සිහින නළු ආදිත්‍යයි අනන්‍යයි වෙන් වුනේ ඇයි? – Saru News Media

0
30

බොලිවුඩය කියන්නෙ ඉතින් කොහොමත් ගොසිප් පිරුණ තැනක්නෙ. ඔන්න මේ දවස්වල බොලිවුඩය පුරා සුලි සුලඟක් වගේ යන ගොසිප් එක වෙලා තියෙන්නෙ අනන්‍යා පාණ්ඩේ සහ ආදිත්‍ය රෝයි කපූර් Break Up වෙච්ච එක කියල තමයි අපිට ආරංචි උනේ.

ආදිත්‍ය රෝයි කපූර් කියන්නෙ කාලයක් පුරාවට බොලිවුඩයේ සිහින කුමරා වෙච්ච කෙනෙක්. ආශිකී 2 ෆිල්ම් එකෙන් කලඑලි බැස්ස ආදිත්‍යට ආදරේ නොකල කෙල්ලෙක් ඉන්දියාවෙන් නම් හොයාගන්න බෑ කියල තමයි කියන්නෙ. ඒ වගේම පෙනුම විතරක් තියෙන නෙවෙයි රඟපෑම අතින් උනත් තමන්ගෙ චරිත වලට උපරිම සාධාරණය ඉශ්ට කරන්න මහන්සි වෙච්ච කෙනෙක් විදියට අපිට මේ ආදිත්‍යව හඳුන්වන්න පුලුවන්.

අනන්‍යා පාණ්ඩේ කියන්නෙ දැනට අවුරුදු කීපයකට කලින් සිනමාවට හඳුන්වාදුන් ගොඩක්  අය “Nepo Kid” කෙනෙක් කියල හඳුන්වන නිලියක්නෙ. Student of the year 2 චිත්‍රපටයෙන් එලියට ආව අනන්‍යා ගෙ රඟපෑම් ගැනනම් බහුතර මතය එච්චර හොඳ උනේ නෑ. Nepo Kids ලට රඟපාන්න බෑ කියන කතාව ආයෙ ආයෙ ඔප්පු වෙන්න අනන්‍යාගෙ රඟපෑම් හේතුවක් උනා කියලත් ඉන්දියානු මාධ්‍ය නම් කියනව.

හැබැයි ඉතින් ඕනම මනුස්සයෙක්ට වරදින්න පුලුවන් බවත්, වැරදි වැරදි තමයි ඉස්සරහට යන්න ඕන කියන කතාව පිලිගන්න අපි නම් අනන්‍යා ගැන එහෙම හිතන්නෙ නෑ නේද?

ඉතින් මේ විදියට සිනමාවට ආව අනන්‍යාගෙ හිත නතර වෙලා තියෙන්නෙ කාලයක් බොලිවුඩයේ සිහින කුමරා වෙච්ච ආදිත්‍ය රෝයි කපූර් ලඟ කියල අපි දැනගත්තෙ මැතකදි. හැබැයි දෙන්නගෙ සම්බන්ධෙ නම් අවුරුදු දෙකක් පරණයිලු.

ඉතින් අලුත්ම ආරංචිය තමයි ආදිත්‍ය සහ අනන්‍යා  Break Up වෙලා කියන එක. මේ ආරංචිය නිසා දෙන්නගෙම හොඳම යාලුවො සහ හිතවතුන් පවා දුකෙන් ඉන්නව කියල තමයි කියන්නෙ.

“මේ දෙන්න Break Up උනේ මාසෙකට විතර කලින්. ඒ දෙන්න ඇත්තටම හරිම සන්තෝසෙන් හිටියෙ, ඒ නිසාම මේ බ්‍රේක් අප් එක අපිටත් පොඩ්ඩක් දරාගන්න අමාරුයි.හැබැයි වෙන් උනා කියල ඒ දෙන්න තරහ වෙලා නෑ. තාම හොඳ යාලුවො වගේ කතා බස් කරනවා. හිතේ වේදනාවක් නෑ කියන්න බෑ ඉතින්. ඒ උනාට ඒ දෙන්නම උත්සහ කරන්නෙ පරිණත මිනිස්සු වගේ ඉස්සරහට යන්න” කියල  Bombay Times එකට කියල තියෙන්නෙ අනන්‍යාගෙ හොඳම යාලුවෙක්.

ඉතින් ඇත්තටම සබඳතාවයක් බිඳෙනව කියන එකේ අදහස තමන්ගෙ ජීවිතේ එතනින් නතර වෙනව කියන එක නෙවෙයි. සබඳතා ඇති වෙනව, නොගැලපීම් හන්දා වෙන්වෙනව. හැබැයි අරයගෙ මෙයාගෙ වැරදි තැන් තැන්වල කියන්නෙ නැතුව ලස්සනට වෙන් වෙලා යන මිනිස්සු කියන්නෙ ඇත්තටම ආශිර්වාදයක්.

ඉතින් එහෙම බැලුවොත් අනන්‍යා පාණ්ඩේ වගේ තරුණ ලමයෙක්ගෙ ඒ පරිණත හැසිරීම අපි අගය කරන්නම ඕන.

අවුරුදු දෙකක් ප්‍රේමයෙන් බැඳිල ඉඳිල තමන් වෙන්වුණ බව අනන්‍යා තමන්ගෙ රසිකයන්ට හෙලි කලේ ඇය සමාජ මාද්‍යවල පල කල පෝස්ටුවකින්. ඒ පෝස්ට් එකෙන් අනන්‍යා අදහස් කලෙ තමන් වෙන් වුනා කියන එක.

“ඔයාට දෙයක් අයිති නම් අනිවාර්‍යෙන්ම ඒක ඔයාට ලැබෙනවා. සමහරවෙලාවට ඒ දේවල් අපෙන් ඈත්වෙන්න අපිට යම් දෙයක් උගන්වන්න. දරාගැනීම, ඉවසීම, කැපවීම ගැන උගන්වන්න වෙන්න පුලුවන්.ඒ දේ ඔයාට ලැබිය යුතුම, ඔයාට හිමිවිය යුතුම දෙයක් නම් ඔයා කොච්චර ඈත්වෙන්න හැදුවත් ඒ දේ ඔයාට ලංවෙනව. ඔයාට ඒක මගාරින්න බැරි වෙනවා.

එච්චර ලස්සන දෙයක් මගේ වෙන්න බෑ කියල හිතුණත් ඒ ඔයාට අයිති දෙයක් නම්, ඔයාට හිමිවිය යුතු දෙයක් නම් ඒක අනිවාර්‍යෙන්ම ඔයාට ලැබෙනව” කියල තමයි අනන්‍යා මේ පෝස්ට් එකේ කැප්ශන් එක විදියට ලියල තිබුනෙ.

සබඳතාවයක් බිඳ වැටුනම ජීවිතේ විනාස කරගන්න හිතන, ජීවිතේ මෙතනින් ඉවරයි කියල හිතන, එහෙමත් නැත්තම් තමන් කාලයක් ආදරේ කරපු කෙනාට සමාජ මාධ්‍ය වල බනින, පින්තූර එලියට දාන යුගයක තරුණ ගෑණු ලමයෙක් වුන අනන්‍යා පාන්ඩේ මේ බිඳ වැටීම භාරගෙන තියෙන විදිය ඇත්තටම හරි ලස්සනයි කියල තමයි මම නම් හිතන්නෙ.

ආදරේ ඔහොම තමයි. වෙලාවකට අපි නොහිතම අපිට ලැබෙනව. තව වෙලාවක අපි නොහිතම් අපෙන් ඈත්වෙනව.

ඒත් අනන්‍යා කියනව වගේම දෙයක් වේනම් සුදුස්සාටම අයිති විය යුතුයි කියන කතාව ඇත්ත. අපිට ඒ ඇත්ත කවදාවත් මගාරින්න බෑ.

සමහර වෙලාවට සබඳතාවයක් බිඳ වැටුණම අපි හරියට දුක්වෙනව, එයා තමයි මට ගැලපෙනම කෙනා, එයා තමයි මට සුදුසුම කෙනා කියල අපි හිතනව.

ඒත් අපි එහෙමයි කියල හිතන කෙනා නොවෙන්න පුලුවන් අපිට හිමිවිය යුතු කෙනා.

ඉතින් සබඳතාවයක් බිඳ වැටීම, අවුරුදු ගාණක් පරණ සබඳතාවයක් උනත් කමක් නෑ ඒක ජීවිතේ විනාස කරගන්න, ජීවිතේ මග නතරකරගන්න හේතුවක් කරගන්න එපා. අපි ජීවිතේ ඉස්සරහට යන්න ඕන. වේදනාව, දුක සහ අභියෝග දරාගන්න ඕන. ඒ දරාගැනීම අපි නොහිතපු කතාවක් අපිට උගන්වනවා.

සමහරවිට ඒ දරාගැනීම අපිට හිමිවිය යුතුම, සුදුසුම කෙනා ලඟ අපිව නතර කරන්න හේතුවක් වෙන්නත් පුලුවන්!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here