Google search engine
Home ගොසිප් පුවත් ඉන්දුනීසියානු ගිනි කන්දෙන් සුරතලුන් බේරාගත් ස්වේච්ඡා මෙහෙයුම

ඉන්දුනීසියානු ගිනි කන්දෙන් සුරතලුන් බේරාගත් ස්වේච්ඡා මෙහෙයුම

0
12

rescuers-brave-indonesian-volcanos-eruptions-to-save-pets

ඉන්දුනීසියාවේ උතුරුදිග ප්‍රදේශයේ පිහිටි රුආන්ග් ගිනිකන්ද සක්‍රියවීම හේතුවෙන් නිකුත් කෙරුණු අවදානම් නිවේදනයත් සමග ඒ අවට දූපත්වල සිටි දහස් ගණනක් ජනතාව වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීම සිදු විය. පසුගිය අප්‍රේල් 16 වැනිදා සිට වරින්වර මෙම ගිනිකන්දෙහි සක්‍රියවීම් වාර්තා වෙයි.ඒ හේතුවෙන් ගිනිකන්ද පිහිටි රූආන්ග් කන්ද පුපුරා ගොස්සාගරයට ඇද වැටීම නිසා ඇති වියහැකි සුනාමි අවදානම මෙලෙස ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීම සදහා හේතු විය.

එසේම, ගිනිකන්දේ විදාරණයත් සමග ඉන් පිටවුණු අලු ලාවා සහ ගිනිකන්ද අවට ඇතිවුණු අකුණු ගැසීම් හේතුවෙන්ද අවට ජනතාවට අවදානම් තත්ත්වයක් උදාවිය.මෙලෙස ගිනිකඳු අවදානම හේතුවෙන් දහස් ගණනක ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යද්දී එම දූපත්හි වාසය කළ සිය ගණනක් වූ සුරතලුන් බේරාගැනීම සදහා වෙනම ස්වේච්ඡා කණ්ඩායමක් වහාම ඉදිරිපත් විය. එහිදී, ඔවුන් බෝට්ටු මගින් මෙම රුන්ග් ගිනිකන්ද පිහිටි දූපත වෙත ගොස් අතිශය අවදානම් ගිනිකන්ද පාමුල පවා ඇවිදිමින් එම සුරතලුන් බේරාගැනීමේ මෙහෙයුමේ නිරත වී තිබේ. අපි දැනගෙන හිටියා තවත් සත්තු ගොඩක් මෙතැන ඉන්නවා කියලා.

ඔවුන් ජීවත්ව ඉන්නවා දැන දැන අපි කොහොමද ඒ සත්තුන්ට නිකම්ම මැරෙන්න දෙන්නේ.” යනුවෙන් මෙම ස්වේච්ඡා කණ්ඩායමේ සාමාජිකයෙකු වන 31 හැවිරිදි ලෝරන්ට් ටාන් පවසයි.

ඔහු උතුරුදිග සුලවෙයි පළාතේ අගනුවර වන මනාඩෝහි සත්ත්ව සුරැකුම්හල් දෙකවත්වාගත යන පුද්ගලයෙකි. ටාත්ඇතුළු තවත් ස්වේච්ඡා සාමාජිකය හත් දෙනෙකු මෙම මෙහෙයුම හා සම්බන්ධ වී තිබේ. ඔවුන් මෙම ගිනිකන්ද ස්ත්‍රියවීමෙන් අනතුරුව අවස්ථා කිහිපයකදීම රුආන්ග්හි අසල්වැසි දූපතක්වන ටාග්ලාඩාන්ග් වෙත ගොස් සතුන් ගලවා ගැනීමේ කටයුත්තේ නිරත වී තිබේ. මෙම එක් ගමනකදී ඔවුන් ගිනිකන්දේ අලුවලින්වැසී ගිය නිවෙස් තුළ සිටි බලු පැටවෙකු, සුදු පැහැති පූසකු, නිල්ස්හි සුදු පැහැති නිවර්තන පක්ෂියෙකු යනාදී ලෙස සුරතලුන් බේරාගෙන තිබේ.එසේම මුහුණේ සහ සිරුර් දරුණු පිළිස්සුම් තුවාල සහිත සුනඛ ධේනුවකද ඔවුන් ගලවා ගෙන තිබේ.එහිදී මෙම ස්වේච්ඡා කණ්ඩායම සමග සිටි පශුවෛද්‍ය කණ්ඩායමක් ජංගම දුරකතනයක ආලෝකයකින් එම සුනඛ ධෙනුව වෙත ප්‍රතිකාර ලබාදීම සිදුකර තිබේ.

මෙම කණ්ඩායම සිය ආසන්නතම ගලවා ගැනීමේ මෙහෙයුම ලෙස පසුගිය සිකුරාදා දිනයේද එම දූපත වෙත ගොස් අතරමං වූ සතුන් සෙවීමේ කාර්යයේ යෙදී තිබේ. සිය ජීවිත බේරාගැනීම සදහා ආරක්ෂිත ස්ථාන වෙත ගිය පිරිස්තම සුරතලුන් ගැන විමසමින් සමාජමාධ්‍ය තුළ පළ කරන සටහන් ඊට හේතුවී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය දින කිහිපයේදීද තවත් සතුන් බොහෝ පිරිසක් බේරාගැනීමට  මෙම ස්වේච්ඡා කණ්ඩායම වෙත හැකිව තිබේ.

එක් අවස්ථාවකදී නිවසක කූඩුවක අතහැර දමා සිටි සුනඛයන් කිහිප දෙනෙකු බේරා ගැනීමටද ඔවුන්ට හැකිවී තිබේ. ඒ අතර මාසප්පක් වයසැති බලු පැටවෙකුද වූ බව සඳහන් වෙයි. එම සුනඛයන්ගේ හිමිකරුවා මෙම කණ්ඩායමෙන් සිදු කළ ඉල්ලීමකට අනුව ඔවුන් ගලවා ගෙන තිබේ.

මෙලෙස ගලවාගත් බොහෝ සතුන් අධික බියෙන් සහ කුසගින්නෙන් පසුවුණු බව එම ස්වේච්ඡා කණ්ඩායම සදහන් කරයි.

“අපි ඔවුන්ට ලබාදුන්පළමුවැනි ප්‍රතිකාරය ලෙස සිදුකළේ ආහාර සහ අමතර විටමින් වර්ග ලබාදීමයි. ඒ හරහා ඔවුන්ගේ ආතතිය යම්තරමකින් ලිහිල් කෙරුණා”

ගිනිකන්දේ අවදානම තවදුරටත් පැවතියත් ඉදිරියේදීද සිදුකරන මෙහෙයුම් හරහා එම දූපත්හි අතරමංව සිටින සුනඛයන්, පූසන් සහ පක්ෂීන් ඇතුළු සුරතල් සතුන් ගලවා ගෙන මනාඩෝ වෙත රැගෙන යාම මෙම කණ්ඩායමේ අරමුණ වී තිබේ. අනතුරුව ඔවුන් සිය සැබෑ හිමිකරුවන් සමගින් යළි සම්බන්ධ කිරීමත්සිදු කෙරේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here