‘අසූවේ පරපුරෙන් සන්නද්ධව’ මැයි 09 එළිදකී

0
14

හැත්තෑව දසකය ලංකාවේ තාරුණ්‍යය; දේශපාලනය, සාහිත්‍යය, කලාව ආදී සෑම අංශයකින් ම ඉහළ තැනක තිබ්බ දසකයක්.

අපේ අම්මතාත්තා තාරුණ්‍යයේ හිටපු කාලෙ. ඉන් ආභාසය ලැබූ අසූව දසකයේ තාරුණ්‍යය අපේ ලොකු අයියලා..

සෑම දේශපාලන පක්ෂයකම අසූවේ තාරුණ්‍යය කියන්නෙ දේශපාලනය ගැන ඉහළ සංවේදනයක්, හැඟීමක් සහ යමක් කළ යුතුය කියන ජවයකින් පිරුණු මිනිස්සු හිටපු තැනක්.

බන්දුල චන්ද්‍රසේකර කියන්නෙත් අසූව දසකයේ තාරුණ්‍යයේ දේශපාලන නියෝජනයක්.

ආචාර්ය උදන් ප්‍රනාන්දු වරක් හඳුන්වා දුන් පරිදි, වෙනස් දේශපාලන මතවාද එක තැනකට ගෙනල්ලා සම්බන්ධ කරන්න පුළුවන් කෙනෙක්. ඉතිං ඔහු ලියන පොතත් ඒ වගේ ම සමබර, රසබර පොතක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

බන්දුල චන්ද්‍රසේකරයන් විසින් ලියැවුණු ‘අසූවේ පරපුරෙන් සන්නද්ධව’ කියන පොත පාඨකයා වෙත එළිදැක්වෙන අවස්ථාවට සහෘද ඔබගේ සහභාගීත්වය අපේක්ෂිතයි.

ඒ අවස්ථාවට සම්බන්ධ වෙන්න බැරිවුණත්, දේශපාලන සංවේදනය සහිත අසූව දසකයේ උපන් අපේ පරපුර ඇතුළු සියළු දේශපාලන සත්ත්වයන් මේ පොත කියවන්නැයි ආරාධනා කරන්නේ; අසූවේ පරපුරේ අරුමය, අසූවේ පරපුරේ උර මත, අසූවේ පරපුරේ තිඹිරිගෙය, අසූවේ පරපුරේ උරගල, අසූවේ පරපුරේ අරගලය, අසූවේ පරපුරේ සන්ධාන, අසූවේ පරපුරේ ඉදිරිය යන සියල්ලෙන් යවත් කල් වන රසවත් පොතක් වනු ඇතැයි යන පූර්ව උපකල්පනය සහිතවයි.

(විලත්)

(Udara S C Wilathgamuwa ගේ ෆේස්බුක් පිටුවෙන්..)

kjsdfg 

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here