ආබාධ සහිත පුද්ගලයන්ගේ ගැටලු සඳහා යෝජනා ලබා ගැනීම මාතර දිස්ත්‍රික්කයෙන් ඇරඹේ – Saru News Media දේශීය පුවත්

0
10

ආබාධ සහිත පුද්ගලයන් මුහුණ දෙන අභියෝග, ගැටලු, පවතින අවස්ථා සහ ඒවාට නිසි ලෙස ආමන්ත්‍රණය කිරීම ගත හැකි පියවර සහ යෝජනා පිළිබඳ තොරතුරු සාකච්ඡා කිරීම සඳහා විශේෂ වැඩමුළුවක් ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන්  පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ සහ එම සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බුද්ධික පතිරණ, ගරු වීරසුමන වීරසිංහ සහ මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ් අමරසිංහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (NDI) උපදේශිකා ශ්‍යාමා සල්ගාදු යන මහත්ම මහත්මීන් ද  සහභාගී වුණා.

ආබාධ සහිත පුද්ගල  සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ නි‍යෝජිතයන්, මාතර දිස්ත්‍රික්කයේ ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරන සංවිධානවල නියෝජිතයන්,  මාතර දිස්ත්‍රික්කයේ ආබාධ සහිත දරුවන් සඳහා ඉගැන්වීම් සිදුකරන ගුරු විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ආබාධ සහිත පුද්ගලයින් රටේ පාලන ව්‍යුහයට සහ සමාජයට අන්තර්කරණය කිරීම වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සහ යෝජනා රැස්කිරීම මෙහිදී සිදුවුණා.

මෙහිදී අදහස් දක්වමින් සංසදයේ සභාපති ගරු ඩලස් අලහප්පෙරුම මහතා පවසා සිටියේ දිස්ත්‍රික් මට්ටමින් මෙලෙස අදහස් හා යෝජනා ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව මීළගට කිලිනොච්චිය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ද මෙම වැඩමුළුව පවත්වන බව සභාපතිවරයා පැවසුවා.

මෙරට අබාධ සහිත ප්‍රජාව සඳහා විශාල අසාධාරණයක් සිදුව ඇති බැවින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය සඳහා මැදිහත් වෙමින් මෙම සංසදය විශාල කාර්ය භාර්යක් ඉටුකිරීමට අපේක්ෂා කරන බවද සභාපතිවරයා පැවසුවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here