ඇඩම්ස් ඔන්ලි ෆිල්ම් එකක් බලන්න 80/90 දශකයේ කොල්ලෝ කාපු කටු – Saru News Media

0
5

දැන් කාලේ වගේ මොබයිල් ෆෝන්, කම්පියුටර්, ඉන්ටර්නෙට් නැති 90 ගණන් වලත් කොල්ලෝ ඇඩම්ස් ඔන්ලි චිත්‍රපට වලට කැමැත්තක් දැක්වුවා කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ (ඇඩල්ට්ස් ඔන්ලි, එහෙමත් නැත්නම් වැඩිහිටියන්ට පමණයි චිත්තරපටි අපි හැඳින්වුවෙ ඇඩම්ස් ඔන්ලි කියල තමයි) හැබැයි ඒ කාලෙදි දැන් වගේ නෙමෙයි මේ විදිහෙ ඇඩම්ස් ඔන්ලි පිලුම් එකක් බලනවා කියන්නෙ මාරම ගේමක්. මේ ගේමේ එක කොනක් හරි පොඩ්ඩක් ගැස්සලා ගියොත් ඉතින් බඩුම තමා.

හරි. අපි බලමු ඒ කාලෙ ඇඩම්ස් ඔන්ලි ෆිල්ම් එකක් බලන්න අපේ කොල්ලෝ කාපු කටු මොනවද කියලා.

 

ටොරන්ට් එන්න කලින් ඈත අතීතේ ඕනෑම හන්දියේ කොණක, මුළු ගමටම ආලෝකයක් වෙමින් තිබුණ පුංචි කඩ කෑල්ලක් තිබ්බා. ඒ තමයි වීඩියෝ සෙන්ටර් එක. වීඩියෝ සෙන්ටර් එකේ අයියා ඒ කාලේ අපේ ජීවිතේ සෑහෙන ලොකු සමීපකමක් තිබ්බ පුද්ගලයෙක්. වෑන් ඩෑම්, බෘස් ලී ලාගේ ඇක්ෂන් ෆිල්ම් විතරක් නෙමෙයි, ජෙනා ජේම්සන්, සිල්වියා සේන්ට් වගේ අක්කලාගේ ඇක්ෂන් ෆිල්ම් වලටත් තිබ්බ අපේ ආසාව සංසිඳුනේ වීඩියෝ සෙන්ටර් අයියා හින්දයි. මේ අයියා පොඩි ගැටවුන්ට අක්කලාගේ ඇක්ෂන් ෆිලුම් දෙන්න කැමති නැති පරමාදර්ශී පුද්ගලයෙක් හැටියට තමයි පෙනී ඉන්නෙ. හැබැයි ඉතින් පොඩ්ඩක් කං කෙඳිරි ගෑවම අයියගේ හිත උණු වෙනවා.

 

ඇක්ෂන් ෆිල්ම් එකක් අස්සේ පොඩි සෙන්සුවල් සීන් කෑල්ලක් දැක්කම කොල්ලොන්ගේ හිතේ කුතුහලය මුසු ආසාවක් ඇති වෙනවා තව පොඩ්ඩක් මේ සීන් වැඩි එක්ක බැලුවනම් හොඳය කියලා. ඒ අනුව උන් ඊළඟට හොයන්නේ X කියල රේට් කරපු, ඇඩම්ස් සීන් ටිකක් විතර වෙන එව්වට වඩා වැඩි චිත්තරපටි. ඒ ආතල් එකත් මදී කියල හිතුනම තමයි ඩබල් එක්ස් (දැන් ඔය සොෆ්ට්කෝර් කියන්නේ) සහ ට්‍රිබල් කියන එක්ස්ට්‍රීම් ලෙවල් වලට ගියේ. සමහර කොල්ලෝ කැමතියි ටිකක් ආටිස්ටික් විදිහට දිගහැරෙන ඩබල් වලට. තවත් උන් ඉතින් කෙලින්ම ඇක්ෂන් පිරුණු ට්‍රිබල් තමයි. මේ රුචි අරුචිකම් වලට අනුව, අතේ ඇති මුදලට එක චිත්තරපටියක් තෝරනවා කියන්නේ ඇකඩමි සම්මානෙට හොඳම ෆිල්ම් එක තෝරනවාටත් වඩා ලොකු ගේමක්.

 

අළුත බැඳපු ජෝඩුවකගෙ ගෙදර ගියාම ඉල්ලනවා වගේ අපිත් වීඩියෝ සෙන්ටර් එකට ගිය ගමන් ඉල්ලන්නේ ඇල්බම් එක. අළුත බැඳපු මනමාලියකගේ මූණ වගේ කෝලයෙන් තමයි අර විශේෂ ඇඩම්ස් ෆිල්ම් තියන ඇල්බම් එක අපි වීඩියෝ සෙන්ටර් අයියගෙන් ඉල්ලන්නේ. මේක ඉල්ලන්නත් ඉතින් වටේ පිටේ උදවිය ටිකක් අඩු වෙන්න ඕනෙ. නැතිනම් ගමේ වැඩිහිටියෙක් අපි මේ ඇල්බම් එක බලනවා දැක්කොත් දෙමවුපියෝ අපිව දරුකමෙනුත් පිටුවහල් කරලයි නවතින්නේ. ලස්සන අක්කා කෙනෙක් හෙම ඉන්න ඇල්බම් පින්තූරෙකින් අදාළ ෆිල්ම් එක තෝරලා ගෙදර ගෙනියන්නේ රටක් රාජ්ජයක් ජයගත්තා වගෙයි. ඒත් අවාසනාවක මහත! සමහර ෆිලුම් වල ඇල්බම් පින්තූරෙ ඉන්න උන් නෙමෙයි චිත්තරපටියේ රඟන්නේ.

 

එකිනෙකාගේ රුචි අරුචිකම් මත රේට් කරලා, බොහෝම භාරදූර කර්තව්‍යයක් විදිහට සංයමයෙන් යුතුව ෆිල්ම් එකක් තෝරාගත්තා කියමුකෝ. ඊට පස්සේ තමයි අමාරුම වැඩේ තියෙන්නේ. ඒ තමයි ගමේ උන්ගේ ඇහැ නොගැටී ෆිල්ම් කෑල්ල ගෙදර ගෙනියන එක. ඒ කාලේ ඉතින් වැඩියම තිබ්බේ ඩෙක්පීස් (VHS) නේ. මේකක් ලොවෙන් සඟවාගෙන ගෙදර ගෙනියන එක හෙන භාරදූර වැඩක්. මගදී මොකෙක් හරි ඩෙක් පීස්සෙක දැක්කොත් “ඇක්ෂන්ද? හොරර්ද? ආනල්ගෙද? ජෙට්ලීගෙද? පොඩ්ඩක් දෙන්න බලන්න, බලලා මටත් දෙනවද?” වගේ දාහක් ප්‍රශ්න අහන්න ඉඩ තියනවා. ඒ නිසා හුඟක් වෙලාවට සෙට් එකේ කෙට්ටුම බුවාගෙ කලිසමට තදවෙන්න ඉනේ ගහගෙන, වටේ උන් ඌව කවර් කරගෙන තමයි මේ ඩෙක්පීස් රාජයාව ගෙදරට සැපත් කරවන්නෙ.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here