ඇමරිකාවේ ප්‍රාන්ත ගැන දැනගනිමු – 5 කොට​ස – Saru News Media

0
6

අපේ හිතවත් ලයිෆි පාඨකයො මේ ලිපි පෙළ ගැන දන්න නිසා, අපි කතා බතා නැතුව කෙලින්ම තවත් ඇමරිකාවේ ප්‍රාන්ත ගැන තොරතුරු හොයාගෙන යමු.

බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව පෙළගැසුණු ජනපද අතර පළමු වරට තමන්ට ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගත් ප්‍රාන්තය ලෙස මෙම ප්‍රාන්තය හඳුන්වන්න පුළුවන්. එසේම ඇමරිකා එක්සත් ජනපද නිදහස් සටනේ පුරෝගාමී කාර්යභාරයක් මෙම ප්‍රාන්තය විසින් ඉෂ්ට කරනු ලැබුවා. ග්‍රැනයිට් බහුල ලෙස හමු වීම නිසා මෙම ප්‍රාන්තය ග්‍රැනයිට් ප්‍රාන්තය ලෙසද හඳුන්වනු ලබනවා. ෆ්ලොරීඩා ප්‍රාන්තයට අනතුරුව අවම බදු ප්‍රමාණයක් අයකරන ප්‍රාන්තය ලෙස මෙය හඳුන්වනවා. එසේම මෙම ප්‍රාන්තය තුළ ආදායම් බදු පැනවීමක් සිදු වන්නේ නැහැ.

ඇමරිකා එක්සත් ජනපදයේ කාර්මීකරණය සඳහා වැඩිම දායකත්වයක් ලබාදුන් ප්‍රාන්තය විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම කැනඩාවේ සිට පැමිණි සංක්‍රමණික රැල්ල ඇමරිකා එක්සත් ජනපද භූමිය වෙත යෑමට භාවිතා කරන ලද්දේ මෙම ප්‍රාන්තය හරහායි. මේ නිසාම අදටත් සංක්‍රමණික ප්‍රජාව වැඩි වශයෙන් ජීවත්වීමට ප්‍රිය කරන ප්‍රාන්තයක් ලෙස මෙය කීර්තියක් උසුලනවා. එසේම මෙම ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන පාසල් පද්ධතිය ලෝකයේ පාසල් පද්ධති අතර ඉහළම ස්ථානයක් හිමිකර ගන්නවා.

ඇස්ටෙක් ජනවර්ගය පදිංචිව සිටි මෙම ප්‍රදේශය පසුව ස්පාඤ්ඤය යටතට පත්වූ අතර අනතුරුව මෙය මෙක්සිකෝවට අයත් ප්‍රදේශයක් බවට පත්වුණා. මෙක්සිකෝවේ උතුරුදිග ප්‍රදේශ ආක්‍රමණය කළ ඇමරිකා එක්සත් ජනපදය එම ප්‍රදේශය අත්පත් කරගත්තා. ඒ යටතේ එක් වුණු ප්‍රාන්තයක් වන මෙම ප්‍රාන්තය ලතින් ඇමෙරිකානුවන් වැඩිම ප්‍රතිශතයක් වාසය කරන ප්‍රාන්තය වනවා. තෙල් සහ ගෑස් කර්මාන්තය, සංචාරක කර්මාන්තය මෙම ප්‍රදේශයේ ආර්ථිකය ශක්තිමත් කරන සාධක දෙකක්. ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ ප්‍රධාන කඳවුරු රැසක් මේ ආශ්‍රිතව පිහිටා තිබෙනවා. සුප්‍රකට මෑන්හැටන් ව්‍යාපෘතිය ‍ක්‍රියාත්මක වුණේ ද මේ ප්‍රාන්තය ආශ්‍රිතවයි.

ආරම්භයේදී නෙදර්ලන්තයේ යටත් විජිතයක්ව පැවති මෙම ප්‍රදේශය යුරෝපයේ ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මහා බ්‍රිතාන්‍යයට ලබා දීමට ඔවුන් තීරණය කළා. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාකීර්ණම නගරය වන නිව්යෝක් නගරය මෙම ප්‍රාන්තයේ අගනුවර වනවා. සමස්ත ප්‍රාන්තයේ ජනගහණයෙන් තුනෙන් එකක් මෙම නගරය තුළ ගොනුව තිබෙනවා. මේ නිසා සමස්ත ප්‍රාන්තය ගැන කතා කිරීම නිව්යෝර්ක් නගරය ගැන කතා කිරීමෙන් වෙන් කරන්න බැහැ. ලෝකයේ බලගතුම ආර්ථිකය හිමි නගරය, ලෝකයේ මාධ්‍ය අගනුවර ලෙස මෙම නගරය හඳුන්වනු ලබනවා.

ඇමරිකා එක්සත් ජනපදයෙහි ආරම්භක ජනපදයක් වන මෙම ප්‍රාන්තය නම් කෙරී ඇත්තේ එංගලන්තයේ පළමු චාර්ල්ස් රජුට දක්වන ගෞරවයක් ලෙසයි. කාලෝස් යනු ලතින් භාෂාවෙන් චාල්ස් සඳහා භාවිතා කරන නමයි. එසේම ඇමරිකා එක්සත් ජනපදයේ නිදහස් අරගලයේ ආරම්භය සිදු වූ ප්‍රාන්තය ලෙසටත් මෙම ප්‍රාන්තය හඳුන්වන්න පුළුවන්. ඇමරිකා සිවිල් යුද සමයේදී වහල් සේවය නීතිගත කළ යුතුයි යන මතයේ සිටි මෙම ප්‍රාන්තය ඇමෙරිකානු කන්ෆෙඩරේෂණය සමග එකතු වුණා. වර්තමානය වන විට මෙම ප්‍රාන්තයේ ආර්ථිකය දැඩි ලෙස විවිධාංගීකරණයට ලක්වී ඇති අතර දුම්කොළ නිෂ්පාදනය, නත්තල් ගස් නිෂ්පාදනය වැනි ක්ෂේත්‍ර සඳහාද මෙම ප්‍රාන්තය ප්‍රමුඛතාවය ලබා ගෙන සිටිනවා.

 

අතීතයේ ලෝම වෙළඳාමේ කේන්ද්‍රස්ථානයක්ව පැවති මෙම ප්‍රාන්තය එම වෙළඳාම පරිහානියට පත් වීමත් සමගම ගොවිබිම් සඳහා භාවිතා කෙරුණා. පුරාණයේදී දේශීය ජන වර්ගවල උරුමයක්ව පැවති මෙම ප්‍රදේශය ඇමරිකා එක්සත් ජනපදය වෙත ලබා ගැනීමේදී දැඩි ප්‍රතිරෝධයක් එල්ල වුණා. වර්තමානය වන විට මෙම ප්‍රාන්තය ආශ්‍රිතව පවතින ස්වභාවික සම්පත් විශේෂයෙන්ම තෙල් සහ ගෑස් සම්පත් භාවිතා කරමින් නව වෙළෙඳපළක් නිර්මාණය වී තිබෙනවා. කෙසේ නමුත් මෙම ප්‍රාන්තයේ සමස්ත ජනගහණය අට ලක්ෂය ඉක්මවන්නේ නැහැ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here