ඉන්ටර්වීව් එකකදී නිතර අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන හැටි – Saru News Media

0
8

Interview කියල කියන්නෙ රැකියාවක් කරන අපි හැමෝටම වගේ මුහුණදෙන්න වෙන සිදුවීමක්. රජයේ විශ්‍රාම වැටුප් හිමිවෙන රැකියාවක් නෙමෙයිනම් හුඟක් දෙනෙක් නිතරම නැතත්, අඩුම තරමේ වසර පහකට සැරයක්වත් රැකියාවන් වෙනස් කරන්න උත්සාහ කරනවා. ඒ වෙනත් ඉහළ අවස්ථා, වැටුප් ගැන එහෙම සලකල. ඒ අයට වගේම අධ්‍යාපනයෙන් පස්සේ රැකියා වෙළඳපොලට අලුතෙන්ම පිවිසෙන අයට වුණත් මේ කියල දෙන්න යන කාරණා හුඟක් වැදගත් වෙනවා. අපි රැකියාවකට අයදුම් කරද්දී මුලින්ම සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි අපේ අයදුම්පත. දැන් කාලේ විදිහට කිව්වොත් CV එක. හොඳ CV එකක තියෙන්න ඕන ගුණාංග මොනවද කියල මේ ලිපියෙන් දැනගන්න පුළුවන්.

 

ඉතින් කොහොමින් හරි හොඳ මට්ටමේ CV එකක් හදාගෙන රැකියාවට අයදුම් කළාට පස්සේ ඊළඟ අභියෝගය තමයි සාර්ථකව සම්මුඛ පරීක්ෂණයට එහෙමත් නැත්තම් ඉන්ටර්වීව් එකට මුහුණ දෙන එක. ඔන්න ඒකට උදව්වක් තමයි මේ කරන්න යන්නෙ.

 

ඕනම රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටින්න කලින් අපි ඒ ආයතනයට අපේ CV එකක් යවනවනේ. එතකොට ඒකෙ තියෙන විස්තර වලින් ඔවුන්ට අපි ගැන තරමක අවබෝධයක් තියෙනවා. ඒ වගේම දැන් සමහර ආයතන මඟින් ඉහළ තනතුරු වලටනම් Facebook, LinkedIn වගේ ගිණුම් හරහා ඔබේ පසුබිම පරීක්ෂා කිරීමකුත් කරනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නය ඉන්ටර්වීව් එකකදී ඇහුවොත් එතැනදී අර CV එක පුරාවටම ලියල තිබ්බ දේවල් හෝ ගෙදර පවුලේ අය ගැන තොරතුරු ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මෙහෙම ප්‍රශ්නයක් ඇසීමෙන් ඔවුන් මුලින්ම බලාපොරොත්තු වෙන්නෙ ඉන්ටර්වීව් එකට සාර්ථක පිවිසුමක් ලබාගන්න. මොකද ගිහින් ඉඳගත්ත ගමන්ම ජොබ් එක ගැනම ප්‍රශ්න අහන්න බැහැනේ. ඒ වගේම ඔවුන්ගේ ඊළඟ බලාපොරොත්තුව තමයි ඔබේ ඉදිරිපත්කිරීමේ හැකියාව, කරුණු ගොනුකර ගැනීමේ හැකියාව, අවශ්‍ය කරුණු ඉස්මතු කරමින් කතා කිරීමේ හැකියාව වගේ කුසලතා පරීක්ෂා කරන එක. ඉතින් මෙන්න මෙහෙමයි එහෙම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න ඕන.

අර ඉස්කෝලේ පොඩි පන්තිවලදී කළා වගේ my self කියන රචනාව කියවන්න එපා. ඔබ කන්න ආස දේවල්, යන්න කැමති තැන් ඔවුන්ට වැඩක් නැහැ. මුලින්ම නමෙන් හඳුන්වලා දීලා ඔබේ අධ්‍යාපන සුදුසුකම් සහ වෘත්තීය සුදුසුකම් කෙටියෙන් කියන්න. ඒවා CV එකේ තිබුණට රැකියාවට අදාළ වෙන නිසා ආයෙමත් කිව්වට ගැටළුවක් නැහැ. ඊළඟට ඔබේ කුසලතාවයන් ඒ කියන්නේ විශ්වාසවන්ත බව, ඉක්මනින් වැඩ කිරීමේ හැකියාව, කලින් ආයතන වලදී කැපී පෙනුණු දක්ෂතාවයන්, ලබාගත් ජයග්‍රහණ සහ රැකියාවට වාසියක් විය හැකි ඔබේ විනෝදාංශ වගේ දේවල් ගැන සඳහන් කරන්න පුළුවන්. ඒ කියන්නෙ ඔය මුද්දර එකතු කිරීම, පරිගණක ක්‍රීඩා කිරීම වගේ විනෝදාංශ නැතුව පොත් කියවීම, අලුත් භාෂාවන් ඉගෙන ගැනීම වගේ විනෝදාංශ. රැකියා අයදුම්පතකට වාසිවෙන විනෝදාංශ ගැන අපි මීට කලින් කතා කළා.

 

මේ ප්‍රශ්නයෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ ඔබ මේ ඉන්ටර්වීව් එකට කොයිතරම් දුරට සූදානම් වෙලාද සහ ඒ හරහා ඔබ යම් කටයුත්තක් වෙනුවෙන් කරන කැපකිරීම ගැන අදහසක් ලබාගන්නයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඕනම ඉන්ටර්වීව් එකකට යන්න කලින් ඒ ආයතනය ගැන අන්තර්ජාලයේ කරුණු හොයා බලලා හොඳ අවබෝධයක් ලබාගන්න. තහවුරු කරගත්ත කරුණු පැහැදිළිව ඉන්ටර්වීව් එකේදී ඉදිරිපත් කරන්න.

 

මේ අහන්නෙ සුපර පවර්ස් ගැන නෙමෙයි. ඇත්තටම මේ ප්‍රශ්නයේ බලාපොරොත්තුව ඔබේ ධනාත්මක චින්තනය පරීක්ෂා කිරීම. ඉතින් කල්පනාවෙන් හොඳ උත්තරයක් ලබාදෙන්න ඕන. රැකියාවට වාසිවෙන ශක්තීන් ගැන සහ අවාසි නොවෙන දුර්වලතා ගැන කියන්න. උදාහරණයක් විදිහට කලට වෙලාවට වැඩ අවසන් කිරීම, කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම, ඉහළ විශ්ලේෂණ හැකියාව, අන් අය සමඟ ඉතා සුහදව වැඩකළ හැකිවීම වගේ ඒවා ශක්තීන් විදිහටත් වැඩ කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම, ඕනම වැඩක් ඉතා ගැඹුරෙන් අධ්‍යයනය කරමින් කිරීම නිසා කාලය වැයවීම වගේ ඒවා දුර්වලතා විදිහටත් කියන්න පුළුවන්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here