ඉන්ධන අඩු වුවත් ත්‍රීවිල් සහ පාසල් වෑන් ගාස්තු අඩු නොවේ

0
7

ඉන්ධන මිල අඩු වුවද ත්‍රීරෝද රථ ගාස්තුව හා පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට නොහැකි බව එම වෘත්තීය සමිති පවසනවා.

සමස්ත ලංකා පාසල් වෑන් රථ ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා පැවසුවේ ගාස්තු සම්බන්ධයෙන් මව්පියන්ට වෑන් රථ හිමිකරුවන් සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට ඉඩ දී ඇති බවයි.

new2023 voice · MAL SRI 01

පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් අඩු වීම හේතුවෙන් කිසිසේත්ම ත්‍රී රෝදරථ ගාස්තු අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේන පැවසුවා.

new2023 voice · THREEWHEEL LALITH 01

ඉන්ධන මිල අඩු වීමත් සමග බස් ගාස්තු සංශෝධනය කළ හැකිද යන්න සම්බන්ධයෙන් අද දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. කෙසේවෙතත් බස් සංගම් ඊයේ නෙත් නිවුස් වෙත පැවසුවේ මෙවර අඩු වූ මුදල ගාස්තු සංශෝධනය කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බවයි. 

පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කෙරුණු අතර එහිදී ඩීසල් මිල රුපියල් 30කින් අඩු කෙරුණා.   
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here