කොටස් වෙළෙඳපොළ මාස 04කදී 16%කින් ඉහළට – Saru News Media | Sri Lanka Business News

0
15

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය 2024 වසරේ පළමු මාස 04 තුළ දී 16.04% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ.

වසර ආරම්භයේ දී ඒකක 10,654.16 ක් ලෙසින් වාර්තා වූ සියලු කොටස් මිල දර්ශක අගය 2024 අප්‍රේල් 30 දින ගනුදෙනු අවසානයේ දී ඒකක 12,362.95 ක් දක්වා ඉහළ ගොස් තිබිණ. එය වසරේ වාර්තා වී ඇති ඉහළම අගය වේ.

මේ අතර S&P SL20 දර්ශකය ද 2024 පළමු මාස 04 තුළ දී 20.26% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත.

වසර ආරම්භයේ දී S&P SL20 දර්ශකය ඒකක 3,068.36 ක් ලෙසින් සටහන් වූ අතර අප්‍රේල් 30 වන දින වන විට එය ඒකක 3,689.97 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. එම අගයය ද S&P SL20 දර්ශකය 2024 වසරේ මේ දක්වා වාර්තා කළ ඇති ඉහළම අගය වේ.

මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම 2024 අප්‍රේල් 30 වන දින ගනුදෙනු අවසානයේ දී රු. ට්‍රිලියන 4.89 ක් ලෙසින් වාර්තා වී තිබේ. මෙය වසර තුළ 15.18% ක වර්ධනයකි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here