ඉරාන ජනාධිපති අතින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට

0
11

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි විසින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මීට නොබෝ වේලාවකට පෙර ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේද සහභාගීත්වයෙන්.

එම අවස්ථාවට පක්ෂ විපක්ෂ දේශපාලකයින්ද පැමිණ සිටියා.

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක්වන්නේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියයි.

ඉරාන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරයට සමගාමීව අත්සන් තැබීමට නියමිතයි. 
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here