යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධනයට රු.මිලියන 322ක් – Saru News Media උණුසුම් පුවත්

0
8

යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා රජය රුපියල් මිලියන 322ක මුදලක් වෙන්කර ඇති බව වැඩබලන දිස්ත්‍රික් ලේකම් එම් ප්‍රදීපන් මහතා පවසනවා.

ඊට අදාළ සංවර්ධන ව්‍යාපෘති අනුමැතිය සඳහා යොමුකර ඇති බවයි වැඩබලන දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පවසන්නේ.

යුද ගැටුම්වලින් අනතුරුව යාපනය දිස්ත්‍රික්කයේ යළි පදිංචි කිරීම් සාර්ථකව අවසන් අදියර දක්වා ක්‍රියාත්මක කිරීමට රජය සමත්ව තිබෙනවා.

ප්‍රදේශයේ යටිතල පහසුකම් නගාසිටුවීම වෙනුවෙන් සංවර්ධන ව්‍යාපෘති රැසක් ද සැලසුම් කෙරුණු අතර ඊට අදාළ සෙසු කටයුතු ද සිදුකෙරෙමින් පවතින බවයි වැඩබලන දිස්ත්‍රික් ලේකම් එම් ප්‍රදීපන් මහතා පෙන්වා දෙන්නේ.

“යාපනය දිස්ත්‍රික්කයේ පවුල් දෙලක්ෂ අසූනවදහස් හැටහතරක් ජිවත්වනවා.

ජනගහනය විදියට ගත්තොත් හයලක්ෂ තිස්හතරදහස් හත්සිය තිස්අටක්.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 12 තුළ ග්‍රාම නිලධාරී වසම් 435ක් තියෙනවා.

අයවැයෙන් අපේ දිස්ත්‍රික්කය සංවර්ධනයට රුපියල් මිලියන 322ක් වෙන්කරලා තියෙනවා.

මේ මුදලින් කරන්න ඕන සංවර්ධන ව්‍යාපෘති සකස් කරලා අනුමැතිය සදහා යොමුකරලයි තියෙන්නේ.

මේ කටයුතු නොපිලිහෙළා කඩිනමින් ඉටුකරන්න අපි අපේක්ෂා කරනවා.”

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here