අප්‍රේල් මාසය තුළ පාකිස්තානයට බලපෑ අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 144 දෙනෙකු මියයයි – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
15

පාකිස්තානයට වැඩිම වර්ෂාපතනයක් ලැබුණු අප්‍රේල් මාසය ලෙස පසුගිය මාසය වාර්තා අතරට එක්වනවා.

මීට පෙර වැඩිම වර්ෂාපතනයක් වාර්තා වු අප්‍රේල් මාසය සටහන් වී ඇත්තේ 1961 වසරේ දීයි.

පසුගිය මාසයේ දී පාකිස්තානයට බලපෑ අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 144 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. ඒ අතරින් 38 දෙනෙකු කුඩා දරුවන් වන අතර නිවාස 3500කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති බව ද සදහන්.

සාමාන්‍ය මාසයක දී ඇද හැළෙන වර්ෂාපතනය මෙන් දෙගුණයක වර්ෂාපතනයක් පසුගිය මාසයේ දී එරටට ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

මසක සාමාන්‍ය වර්ෂාපතනය මිලි මීටර් දෙකයි දශම පහක් ලෙස සටහන් වන අතර පසුගිය මාසයේ දී එය දැක්වෙන්නේ මිලි මීටර් 59යි දශම 3ක් ලෙසයි.

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here