වතුකරයේ ජනතාව වෙනුවෙන් ජංගම සේවා රැසක් – Saru News Media දේශීය පුවත්

0
15

රටේ අනෙකුත් ජනතාවට තිබෙන මුලික අයිතිවාසිකම් රැසක් වතුකරයේ ඇතැම් ජනතාවට නොමැති බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නිතිඥය නිමල් ජි පුංචිහේවා මහතා පැවසිය.

නිමල් ජි පුංචිහේවා මහතා ඒ බැව් කියා සිටියේ වතුකරයේ මුලික අයිතිවාසිකම් හිමි වි නොමැති ජනතාවට එම අයිතිවාසිකම් ලබාදිම සදහා බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ එම කොමිෂන් සභාවනොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන 12 ක් එක් කර ගනිමින් ආරම්භ කර තිබු ජංගම සේවයට එක්වෙමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නිතිඥය නිමල් ජි පුංචිහේවා මහතා කියා සිටියේ වතුකරයේ ඇතැම් පිරිස් වලට උප්පැන්න සහතිකය , ජාතික හැදුනුම්පත , විවාහ සහතිකය ඇතුළු අත්‍යවශ්‍ය ලියකියවිලි රැසක් නොමැති විම හමුවේ එම ජනතාවට රටේ අනෙකුත් ජනතාවට තිබෙන මුලික අයිතිවාසිකම් ඔවුන් නොලැබි ඇති බවයි.

එම මුලික අයිතිවාසිකම් ලබාදිම සදහා ඊයේ දින සිට බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ ආරම්භ කල ජංගම සේවයට විශාල පිරිසක් පැමිණි බවත්, එම ජනතාවට ජංගම සේවය මගින් උපරිම සේවාවක් ලබාදුන් බවයි.

බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ පැවැත් වු ජංගම සේවයට තම කොමිෂමේ නිලධාරින් රැසක් සහභාගි වු බවත්,ඉදිරියේදි එම ජංගම සේවය දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්විමට සැලසුම් කර ඇති බවයි.

FILE NAME – HUMAN RIGHT MOBILE SERVICE

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here