Google search engine
Home ගොසිප් පුවත් කරඳගොල්ල නාය යාමේ සක්‍රිය වීමට උමා ඔයේ සබදතාවක් නෑ

කරඳගොල්ල නාය යාමේ සක්‍රිය වීමට උමා ඔයේ සබදතාවක් නෑ

0
19

uma-oya-karandagolla

ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ සක්‍රිය වී ඇති නාය යාමේ අවදානම් තත්ත්වය උමා ඔය ව්‍යාපෘතිය නිසා සිදුවූවක් නොවන බවට පලපුරුදු භූ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කරන ලද පරීක්ෂණයකදී තහවුරු වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි .පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඊයේ (05දා) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පලපුරුදු භූ විද්‍යාඥයන් පිරිසක් එම ප්‍රදේශයේ ගවේෂණයක නිරත වීමෙන් අනතුරුව ඒ බව තහවුරු කරගෙන තිබෙන බවයි. එම කඳුකර ප්‍රදේශයේ ජීවත්වෙන ජනතාවගේ අවිධිමත් භූමි පරිහරණය හේතුවෙන් ජලය ඒකරාශී වීමක් මෙම නාය යාමට හේතු වී ඇති බවට අනාවරණය වීමෙන් පසු එම ජලය ඉවත් කිර්මට කටයුතු කළ බවත්,

ඊට අමතරව එම ප්‍රදේශයේ බරපතළ තත්ත්වයක් නොමැති බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා අවධාරණය කළේය.

උමා ඔය ව්‍යාපෘතියේ බොහෝ ගැඹුරින් ගමන් කරන භූගත ජල මාර්ගයේ ජලය පොළොව මතුපිට පෘෂ්ඨයට පැමිණීමට තරම් පීඩනයක් ඇති නොවන බවත්, එවැනි පීඩනයක් ඇති වුවහොත් එම ජලය ආරම්භක ජලාශය කරා නැවත ගමන් කරනු ඇති බවත් මහාචාර්යවරයා පැවසීය. මහාචාර්යවරයා ස්ථිර ලෙසම පවසා සිටියේ උමා ඔය ව්‍යාපෘතිය භූගත ජල මාර්ගයේ එවැනි ජල පීඩනයක් ඇතිවීමට හේතු නොමැති බවයි .ඒ පිළිබඳව එම ප්‍රදේශයේ ජනතාව බිය විය යුතු නොමැති බවත්,මේ වන විට එම ප්‍රදේශයේ කිසිදු අවදානමක් නොමැති බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
ෂේන් සෙනෙවිරත්න

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here