ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් සමඟින් ‘සැලලිහිණි වසන්තය‘ නුවරඑළියට – Saru News Media | Sri Lanka Business News

0
8

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) හි අලෙවි සහ විකුණුම් කණ්ඩායම ‘සැලලිහිණි වසන්තය‘ සැණකෙළියට සමගාමීව නුවරඑළියේ සුවිශේෂී  ප‍්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කරන ලදී. අප්‍රේල්  16 සිට අප්‍රේල් 21 දක්වා පැවැත්වුණු මෙම වැඩසටහනෙහි ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සන්නාමය ජනතාවට සමීප කරවීම උදෙසා ළමුන් සහ වැඩිහිටියන් යන කණ්ඩායම් දෙක සහභාගී කරගනිමින් විවිධ ප‍්‍රවර්ධන ක‍්‍රියාකාරකම් වල නියැලිනි.

මෙම සිංහල හා දෙමළ අලූත් අවුරුදු උත්සව සමය තුල දිවයිනේ නන් දෙසින් ජනතාව නුවරඑලියට පැමිණි අතර එම අවස්ථාව ප‍්‍රයෝජනයට ගත් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) හි  අලෙවි සහ විකුණුම් කණ්ඩායම තම සන්නාමය ජනතාව අතර ප‍්‍රවර්ධනය කරමින් ජනතාවගේ ජිවිත කාලය පුරාවටම රැකවරණය සහ යහපැවැත්ම තහවුරු කර ගැනීමට අවශ්‍ය දැනුවත් කිරීම් කටයුතු වල යෙදුනේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here